මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි එච් කලාපයේ කුඹුරුවලට මහ කන්නය අස්වැද්දීමට ජලය නිකුත් කෙරේ

    ඔක්තෝබර් 25, 2014

    කලාවැව යටතේ පෝෂණය වන මහවැලි එච් කලාපයේ කුඹුරු අක්කර හැට තුන්දහස් හාරසියහැත්තෑපහක් (63475) සඳහා 2014-2015 මහ කන්නයට ජලය නිකුත් කෙරේ.

     

    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් සහ වාරිමාර්ග සහ ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් අද (25) පෙරවරු 7.15ට යෙදුණු සුභ මොහොතින් මංගල දියවර නිකුත් කෙරුණු අතර මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ අමාත්‍යවරුන් අතින් නිකුත් කෙරුණු මුල් ම ජල කඳට කිරි මුසු කිරීම මෙහිදී සිදු කෙරුණි.
     

    පැරණි යෝධ ඇළ ඇතුළු වම් ඉවුර දකුණු ඉවුර යන ඇළ මාර්ගවල සොරොව් සියල්ල මේ අනුව විවෘත කළේය.
     

    පසුගිය කන්නයේදී නිසි පරිදි ජලය නොලැබුණු ගොවීන්ට මෙවර කිසිදු ජල හිඟයකින් තොර ව ජලය නිකුත් කළ හැකි බවට මහවැලි අධිකාරිය විශ්වාසය පළ කරයි. කලාවැවේ මුළු ධාරිතාව වන අක්කර අඩි ලක්‍ෂයක ජල ධාරිතාවයෙන් අක්කර අඩි අසූ දෙදහසක් (82000) මේ වන විට පිරී පවතී.
     

    මහවැලි එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර එච්.එම්. කුමාරරත්න, කොට්ඨාස කළමනාකාර බී.එම්.සී. බණ්ඩාරනායක මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.


    HC

    Kalawewe Diyawara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya