අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කීනගොල්ල ප්‍රාථමික විද්‍යාලය වෙත පාසල් උපකරණ ප්‍රදානයක්

    ඔක්තෝබර් 25, 2014

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින් ලෝක ළමා දිනය නිමිත්තෙන් පසුගියදා නුවරඑළිය කලගන්වත්ත, කීනගොල්ල ප්‍රාථමික විද්‍යාලය වෙත රුපියල් 40,000ක් වටිනා පාසල් උපකරණ ලබා දීම සිදු විය.


    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් පරිදි අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ  ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන ඒකකය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

    මේ සඳහා සම්බන්ධීකරණ දායකත්වය දිස්ත්‍රික් රාජ්‍ය නොවන අංශය විසින් සපයන ලදී. කීනගොල්ල ප්‍රාථමික විද්‍යාලය අවම පහසුකම් සහිත දුෂ්කර පාසලකි. අඩු ආදායම්ලාභී දෙමව්පියන්ගේ දූ දරුවන් 24 දෙනෙකු මෙම පාසලේ ඉගෙනුම ලබන අතර විදුහල්පති සමඟ ගුරුමණ්ඩයේ 03 දෙනෙකු මෙහි සේවයේ නිරත වේ. වලපනේ අධ්‍යාපන කලාපයට අයත් මෙම කුඩා පාසලේ දුවා දරුවන් වෙත එදින දිවා ආහාර වේලක් ද ලබා දීමට කටයුතු කර ඇත.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya