මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාපයට අතීතය අමතක වෙලා

    ඔක්තෝබර් 25, 2014

    ජාතික සේවක සංගමය වරාය අධිකාරියේ ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයට කඩා පැන ඉබි යතුරු කඩා දැමීම, එ.ජා.ප රාජ්‍ය පාලන යුගයේ ශ‍්‍රී.ල.නි. පාක්‍ෂිකයන්ට පහර දී කොළ වතුර නහවා බලහත්කාරයෙන් එම සංගමයට බදවා ගැනීමේ ගඳ ගහන අතීතය සිහිපත් කිරීමක් බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.


    අමාත්‍යවරයා එම අදහස් පළකර සිටියේ රුපියල් ලක්‍ෂ 100ක වියදමෙන් රාජාංගන පුත්තලම් හන්දිය සතිපොළේ  ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම සඳහා පසුගියදා මුල්ගල් තබන අවස්ථාවට එක්වෙමිනි.

    එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය. මහින්ද රාජපක්‍ෂ රජය පැළවෙන්න මුල්ගල් තබන්නේ නැහැ. කඩ කාමර 48කින් යුතු ගොඩනැගිලි දෙකක් මේ වසරේ දෙසැම්බර් 15 වෙනි දිනට පෙර ඉදිකර අවසන් කරනවා. ජනාධිපතිතුමා විසින් විශේෂ මූල්‍ය ප‍්‍රතිපාදන මෙම සතිපොළ සංවර්ධනය සඳහා ලබා දී ඇති බවත් එ.ජා.ප පාලන කාලයේ සිදු නොකළ දේ යළි කිසි දිනෙක ඉටු කිරීමට වාසනාවක් නැති බවත්  ඔහු පැවසීය.


    උතුරු මැද පළාත එදා ඊළාම් රාජ්‍යයේ මායිම වූ බවත් ඒ බව රජරට ජනතාව කිසි දිනෙක අමතක නොකරන බවත් ජනාධිපතිතුමා ජනතාවගේ සදා ගෞරවයට ලක් වී සිටින බවත් ඔහු කීය.

    මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට තුන් වරක් ජනාධිපති පදවියට පත්වීමට නොහැකි නම් විසි නව වතාවක් පරාජයට පත් වූ එ.ජා.ප. නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට, ජනාධිපති තරගයට ඉදිරිපත් විය හැකි දැයි ජනතාව ප‍්‍රශ්න කරන බවත් පස්ස කසා ගැනීමට නියපොත්ත නැති එ.ජා.පය ජනාධිපතිවරණය දැක දැක පිස්සු නටමින් ජනාධිපතිතුමාට මඩ ගසමින්  සිටියත් වැඩක් වන්නේ නැතැයි ද එ.ජා.ප. නායකයාට අද කරන්නට ඇත්තේ පිනක් දහමක් කරගෙන යන තැනට වැඩක් කර ගැනීම බව ද අමාත්‍යවරයා කීය.

    මහින්ද රාජපක්‍ෂ රජය යටතේ රට වේගවත් සංවර්ධනයකට යොමු වී ඇති යුගයක ශ‍්‍රී.ල.නි. සේවක සංගමය ප‍්‍රබල තැනකට පත්වී සිටින බවත් විසි වසරක් තුළ විසි නව වතාවක්ම පරාජයට පත් වූ එ.ජා.පයත්, ජාතික සේවක සංගමයත් දිය වී ඇති ගොස් ඇති බවත් ඔවුන්ගේ ගඳ ගහන දේශපාලන අතීතය ඔවුන්ට අමතක වුවත් මේ රටේ ජනතාවට කිසිදාක අමතක වන්නේ නැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya