මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් අනුරපුර ජනතාවට සහන සැලසීම අඛණ්ඩව

    අගෝස්තු 18, 2014
    නියඟයෙන් පීඩාවට පත් අනුරාධපුර දිස්ත්‍රික්‍කයේ ජනතාවට දැනට, රුපියල් එක්කෝටි හැත්තෑ හත් ලක්ෂයක පමණ වටිනාකමකින් යුත් වියළි ආහාර බෙදා දී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පවසයි. 
     
    එසේම පානීය පානීය ජලය සැපයීම වෙනුවෙන් දිස්ත්‍රික්කයපුරා යොදවා ඇති ජල බවුසර් සංඛ්‍යාව 26කි. ජල ගැටලුව උග්‍රව පවතින ගම්මානවල ජල ටැංකි 450කට අධික සංඛ්‍යාවක් ස්ථානගත කර ඇත.මීට අමතරව විවිධ ආයතන සංවිධාන මගින් ලැබුණු පානීය ජල බෝතල් 20000 (විසිදහසක්)ක පමණ සංඛ්‍යාවක්  පීඩාවට පත් ජනතාව වෙත බෙදාහැර ඇති බව , අපදාකළමනාකරණ අමාත්‍යංශයේ අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරිනී, රෂිලා දිල්හානී ලියනගමගේ මහත්මිය පැවසීය.
     

    දිස්ත්‍රික්කයට බලපෑ නියං තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පවුල් 88,000කට අධික සංඛ්‍යාවකට මේ වන විට සහන සලසා තිබෙන බව ද වාර්තා වේ.

    ECB/SB_dmu_Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya