මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ කර්මාන්ත සංවර්ධනයේ නව පෙරළියක්

    අගෝස්තු 18, 2014
    කර්මාන්ත ශාලාවන් විශාල සංඛ්‍යාවක් ද සහිතව ඉදිකරනු ලබන අච්චුවේලි කර්මාතපුරය ඉතා නුදුරේදී ම විවෘත කිරීමට හැකි බව සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සවර්ධන අමාත්‍යංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා පැවසීය.
     
    අමාත්‍යංශ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ යාපනය 6 වැනි ජාත්‍යන්තර වෙළෙඳපොළ ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
     
    අච්චුවේලි ව්‍යාපෘතියේ වැඩකටයුතු නිමාවීමට ඉතා ආසන්න බවත් ඒ අනුව එය විවෘත කිරීමත් සමගම ප්‍රදේශයේ සිටින තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට රැකීරක්ෂා අවස්ථා ලැබෙන බවත් පෙන්වාදුන් ලේකම්වරයා ඒ හරහා ප්‍රදේශයේ විශාල ආර්ථික සංවර්ධනයක් ඇති වනු ඇති බවත් පෙන්වා දුන්නේය.
     
    කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට අයත් මෙම අච්චුවෙලි කර්මාන්ත පුරය අක්කර 64ක පමණ භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර ත්‍රස්තවාදීන් විසින් ශ්‍රී ලංකා රජයට එරෙහිව කරන ලද යුද්ධයේ දී මෙය සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය. 
     
    ඉන්දියානු රජය විසන් සිදු කරන ලද රුපියල් මිලියන 175ක මුල්‍යාධාර හා ශ්‍රී ලංකා රජය විසින් ලබාදෙනු ලැබූ රුපියල් මිලියන 25ක මුදල් ද සමගින් මෙම කර්මාන්ත පුරය ඉදිකිරීමේ වැඩ කටයුතු නැවත ආරම්භ කරන ලදී.
     
    මේ සඳහා අවශ්‍ය ප්‍රධාන යටිතල පහසුකම් වන මාර්ග, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් හා විදුලිය ලබාදිම අවසන් කර ඇති අතර මෙම කර්මාන්ත පුරවරය අදියර දෙකක් යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. පළමු අදියර යටතේ අක්කර 25ක ප්‍රදේශයක් කර්මාන්ත ශාලාකරුවන්ට සිය කර්මාන්ත ආරම්භ කිරීමට හැකි වනසේ සංවර්ධනය කරනු ලැබේ. එසේම මෙම ප්‍රදේශයේ පහසුවෙන් හා වැඩි වටිනාකමකින් කරගෙන යා හැකි කර්මාන්තයන් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන අතර මේ වන විටත් ඒ සඳහා කර්මාන්තකරුවන් තෝරා ගෙන ඇති බවද සිවනාසෝති මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
     
    එසේම උතුරු වසන්තය වැඩසටහන යටතේ අලිමංකඩ ප්‍රදේශයේ ලුණු ලේවාය ද නැවත ආරම්භ කරනු ලබන බවත් මැටි කර්මාන්තය, තල් ආශ්‍රිත නිෂ්පාදන හා ලි කැටයම් සම්බන්ධ ගම්මාන ද ප්‍රදේශයේ ඇති කරන බවද හෙතෙම මෙහිදි වැඩිදුරටත් පවසා සිටියේය.
     
    DB
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya