මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකළපුවට නියං සහනාධාර

    අගෝස්තු 18, 2014
    නියඟයෙන් පීඩාවට පත් මඩකළපුව ජනතාවට නියං සහනාධාර ලබාදීමේ වැඩසටහනක් ඉදිරි සතිය තුළ දී ක්‍රියාත්මක කිරීමට මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ මඟපෙන්වීම යටතේ නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (18) මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති අතර එහිදී මෙම තොරතුරු අනාවරණය විය.
     

    නියඟය හේතුවෙන් දිස්ත්‍රික්කය තුළ සිදු ව ඇති හානිය පිළිබඳ ව මෙන් ම ඉදිරියේ දී මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් හානිය අවම කරගැනීම වෙනුවෙන් වු කරුණු මෙහිදී සාකච්ඡාවට ගැනුණි.

     

    ඉදිරියේ දී මෙවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් හානි අවම කරගැනීම වෙනුවෙන්අදාළ දෙපාර්තමේන්තුවලින් යෝජනා ඉදිරිපත් කරන ලෙස මෙහිදී යෝජනා විය.

     

    ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා මඩකළපුව දිස්ත්‍රික් ලේකම් පී.එස්.එම්. චාල්ස්, අතිරේක ලේකම් එස්. ගිරිදරන්, සැලසුම් අධ්‍යක්ෂ ආර්. නැදුන්චේලියන් මහත්වරු ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීවරු පිරිසක් එක්ව සිටියහ.

     

    DB

     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya