මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමළ මාධ්‍ය ගුරු සහායකයන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

    අගෝස්තු 14, 2014

    වතු ආශ්‍රිත දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය 2014 අගෝස්තු 08 දිනැති රජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ බඳවා ගැනීමේ කොන්දේසි සහිතව අයදුම්පත් කැඳවා ඇති අතර අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2014 සැප්තැම්බර් 05 වැනි දා වේ.


    මේ අනුව අ.පො.ස (උ/පෙළ) සමතුන් 3021 දෙනෙකු ගුරු සහායකයන් ලෙස බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2013 දෙසැම්බර් 16 දින ලබාදී ඇත.


    වතු ආශ්‍රිත දිස්ත්‍රික්කවල ස්ථීර පදිංචි වයස අවුරුදු 35ට නොවැඩි අ.පො.ස. (උසස් පෙළ) සමතුන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් තරග විභාගයක් පවත්වා ඉන් ඉහළ සුදුසුකම් ලබන 3021 දෙනෙකු වෙත පත්වීම් ලබාදීමට සැලසුම් කර ඇත.


    මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, මොනරාගල, කුරුණෑගල, ගාල්ල, මාතර, කළුතර, රත්නපුරය, කෑගල්ල යන දිස්ත්‍රික්ක 11ක් මීට අයත් වේ.


    මේ සම්බන්ධයෙන් වන සියලු විස්තර 2014 අගෝස්තු 08 දිනැති රජයේ අති විශේෂ ගැසට් පත්‍රයෙන් ලබාගත හැකිය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya