මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් සෞඛ්‍ය සේවයට තවත් හෙද හෙදියන් 1324ක්

    අගෝස්තු 14, 2014

    දිවයින පුරා පිහිටි හෙද විදුහල් 13ක, ලිඛිත හා ප‍්‍රායෝගික පුහුණුව අවසන් කළ 2009 ඊ කණ්ඩායමේ හෙද සිසු සිසුවියන් 1324 දෙනෙකු සෞඛ්‍ය සේවයට බඳවාගැනීම සඳහා පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ උත්සවය හෙට (15) පෙ.ව. 10.00ට කොළඹ මියුසියස් විද්‍යාලීය ශ‍්‍රවණාගාරයේ දී  සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.


    මෙම පත්වීම් ලබන සිසු හෙද හෙදියන් දිවයිනේ උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව සියලුම රෝහල්වල සේවය සඳහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.


    සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව දැනට දිවයින පුරා රෝහල්වල රෝගී සත්කාර සේවාවන්හි හෙද හෙදියන් 29,223ක් සේවයේ යෙදෙන අතර, වර්තමානය වනවිට තවත් හෙද හෙදියන් 5344ක හිඟයක් පවතී. හෙට පත්වීම් ලබන හෙද සිසු සිසුවියන් 1324 දෙනාත් සෞඛ්‍ය සේවාවට එක් වූ පසු හෙද හෙදියන් 4020ක හිඟයක් පවතින අතර, එම හිඟය පියවීම සඳහා කණ්ඩායම් 04ක් මේ වනවිට හෙද විදුහල්වල පුහුණුව ලබමින් සිටී. එම පිරිස පුහුණුවෙන් පසු 2015 දී සෞඛ්‍ය සේවාවට එක්වීමට නියමිතය.


    2014 වර්ෂය සඳහා සිසු හෙද හෙදියන් පුහුණුවට බඳවා ගැනීම සඳහා අයදුම්පත් මේ වනවිට කැඳවා ඇති අතර, ඉන් සුදුසුකම් ලත් අයදුම්කරුවන් මෙම වර්ෂයේ නොවැම්බර් මස පුහුණුවට බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදුකරමින් පවතී.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya