අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිල්ප අභිමානී ප්‍රදර්ශනය මහනුවර දී

    අගෝස්තු 15, 2014

    මධ්‍යම පළාත් ක්‍රීඩා, වනිතා, යෞවන කටයුතු, ග්‍රාමීය සංවර්ධන හා කර්මාන්ත අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලබන ශිල්ප අභිමානී ප්‍රදර්ශනය සහ වෙළද ප්‍රවර්ධන වැඩසටහන මෙවරත් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


    අද (15) පෙ.ව. 9.00ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී ආරම්භ කෙරෙන මෙම උත්සවය දවස පුරාම පැවැත්වීමට නියමිතය.
     

    හස්ත කර්මාන්ත, ගෘහ උපකරණ, පරිසර හිතකාමී වෙළඳ ප්‍රදර්ශන ඇතුළු ප්‍රදර්ශන සහ වෙළද කුටි රැසකින් සමන්විත මෙම ප්‍රදර්ශන‍ය සදහා ඇතුල්වීම සදහා කිසිදු මුදලක් අය නොකෙරේ. මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව සමග එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ පළාතේ කර්මාන්තකරුවන්ගේ දක්ෂතා ඉහළ දැමීම සහ ඔවුන්ට වෙළඳපොළක් නිර්මාණය කරදීමයි.
     

    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සහ මධ්‍යම පළාත් ක්‍රීඩා, වනිතා, යෞවන, ග්‍රාම සංවර්ධන හා කර්මාන්ත අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු තවත් මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරිහු රැසක් මෙම අවස්ථාව සදහා සහභාගී වීමට නියමිත බව මහනුවර දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.

     
    NDH/TA_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya