මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාව ලැබෙමින් පවතිනවා..

    අප්‍රේල් 28, 2024

    විනිමය අනුපාතය වෙළෙඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වන බව අවබෝධ කර ගැනීම වැදගත් බව ඇමැති ෂෙහාන් කියයි..

    රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බවත් විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුපියල ශක්තිමත් වීම මත ණය ආපසු ගෙවීමේ බර පහත යාම ද මෙහි දී වැදගත් වන බවයි. මිල දී ගැනීමේ ශක්තිය ඉහළ යාම, උද්දමන පීඩනය අඩු වීම සහ මූල්‍ය ස්ථායීතාව ආරක්ෂා කර ගැනීමට හැකි වීම සිදු වන බවයි.

    2022 වසරේ දී නිල වශයෙන් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 360 දක්වා ඉහළ ගිය අතර එය රුපියල් 450 - 500 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝතකන ඉදිරිපත් විය. එහෙත් අද වන විට එම අනුපාතය 300ක මට්ටමේ පවත්වාගෙන යාමට හැකිව ඇති බවයි සේමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

    සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණයන්හි ප්‍රගතිය හඳුනා ගනිමින් රජය ගත් ආර්ථික ස්ථාවර කිරීමේ පියවරයන් මේ වන විට සාර්ථක වී ඇති බවත් ඒ හේතුවෙන් රට නව සංවර්ධන මාවතකට අවතීරණය වෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya