අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක නිවාස ව්‍යාපෘතිය නිමවීමට ආසන්නයි

    අගෝස්තු 15, 2014

    පොලොන්නරුව, මහියංගනය, මුලතිව්, මිහින්තලය සහ යාපනය සංචාරක නිවාසයන්හි ඉදිකිරීම් කටයුතු මේ වනවිට නිම වෙමින් පවතින බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යංශය පවසයි.


    තිස්සමහාරාමය සංචාරක නිවාසය ඉදිකිරීමේ කටයුතු 2014 අගෝස්තු මාසයේ ඇරඹීමට නියමිත අතර නොවැම්බර් 19 දිනට යෙදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්ති සමරුව වෙනුවෙන් මහියංගනය, පොලොන්නරුව සහ මුලතිව් සංචාරක නිවාස විවෘත කිරීමට කටයුතු යොදා ඇත.


    මෙම එක් සංචාරය නිවාසයක් අධි සුඛෝපභෝගී කාමර 04කින් සහ සුඛෝපභෝගී කාමර 21ක් ඇතුළුව කාමර 25කින් සමන්විතය. ඉදිකිරීම් වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල එක් නිවාසයක් සඳහා රුපියල් මිලියන 50ක් වන අතර, එක් නිවසක් මිලියන 10ක ගෘහ භාණ්ඩවලින් ද යුක්තය. ගෘහ අලංකරණ කටයුතු සහ සූර්ය ජනන විදුලි පද්ධතිය සහ ආරක්ෂක වැට සඳහා මිලියන 20ක මුදලක් වැය කිරීමට ද අපේක්ෂිතය.


    දේශීය සහ විදේශීය සංචාරකයන් ඉලක්ක කරගනිමින් ඉදි කෙරෙන මෙම සංචාරක නිවාස සඳහා සංචාරක මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ද අපේක්ෂා කෙරේ.


    රජයේ සේවකයින්ට රජය විසින් තීරණය කරනු ලබන සහන මිලකට මෙම සංචාරක නිවාස වෙන්කරවා ගත හැකිවේ. මෙම නිවාස රජයෙන් ප්‍රතිපාදන නොලබමින්, උපයන මුදලෙන් නඩත්තු කටයුතු සිදුකෙරෙන ක්‍රමවේදයක් මත පාලනය කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව මහජන සම්බන්ධතා හා  මහජන කටයුතු අමාත්‍යංශය පවසයි.

     

    NDH

    tourist bungalaws project

     

    මිහින්තලේ ඉදිවන සංචාරක නිවාසයේ කටයුතු විමසන අමාත්‍ය මර්වින් සිල්වා මහතා මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියන් සමඟ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya