අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ආර්යාව සිව් දරුවන්ගේ සුවදුක් විමසයි

    අගෝස්තු 14, 2014

    පසුගියදා කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වූ සිව් දරු උපතට අදාළ දරුවන්ගේ සුවදුක් විමසීමට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය ඊයේ (13) එම රෝහල වෙත ගියාය.

     

    දරුවන්ගේ සුව දුක් විමසූ ජනාධිපති ආර්යාව දරුවන්ගේ මව වන වරකාපොළ පදිංචි උපුලි හර්ෂනී මහත්මිය සමඟද සුහද කතාබහක නිරත වූවාය.


    2011 වසරේදී විවාහ දිවියට පිවිසි ඇය සිය සැමියා සමඟ ජපානයේ පදිංචියට ගොස් තිබෙන අතර ඇය දරු උපතකට සූදානම් වන විට එරට විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදේශය වී ඇත්තේ දරුවන් දෙදෙනෙකු පමණක් ජීවත් කරවිය හැකි බවයි.
     

    ඉන්පසු සිය සැමියා සමඟ නැවත දිවයිනට පැමිණීමට තීරණය කළ ඇය ශ්‍රී ලංකාවේදී නිරුපද්‍රිතව සිය සිව් දරු උපත සිදු කළාය. මෙම දරුවන් හතරදෙනා ඉතා හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බව රෝහලේ (NineWells Care Mother & Baby Hospital) වෛද්‍යවරු පවසති.
     

    අදාළ වෛද්‍යවරුන්වන රෝහණ හත්තොටුව, ටිරාන් ඩයස්, සමන් කුමාර යන මහත්වරු සමඟද සුහද කතාබහක නිරත වූ ජනාධිපති ආර්යාව ඔවුන්ගේ සේවය අගය කරමින් තම සුභාශිංසනය පළ කර සිටියාය.

     

    SDF

    012

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya