මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරය යටතේ වගා කළ වී අස්වනු නෙළීම අරඹයි

    අගෝස්තු 14, 2014

    පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරය යටතේ වගා කළ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ගොවීන්ගෙන් වී මිලදී ගැනීම රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ මැදිහත් වීම මත සිදු වේ.


    දැනට අස්වනු නෙළන සඳුන්පුර, විජයබාපුර, අරලගංවිල, මාගම්පිටිය, වැලිකන්ද, අභයපුර, ගල්පොත, වීරපුර, කදුරුවෙල සහ ජයන්තිපුර යන වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 10කදී මේ වනවිට වී අලෙවි මණ්ඩලය විසින් වී මිලට ගැනීම සිදු කරයි.

     

    පොලොන්නරු දිස්ත්‍රික්කයෙන් වී මෙට්රික් ටොන් 30,000ක් මිලට ගැනීමට නියමිත බව වී අලෙවි මණ්ඩලයේ දිස්ත්‍රික් කළමනාකාර ඒ.ජී.එන්. ඒකනායක මහතා පැවසීය.

     

    ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ රජයේ සහතික මිල සම්බා වර්ගයේ වී කිලෝ ග්‍රෑම් එකක් රු. 35ක් ද නාඩු වර්ගයේ වී කිලෝ ග්‍රෑම් එකක් රු. 32ක් ද වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya