මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය අර්තාපල් බීජ නිෂ්පාදනය දිරිගැන්වීමට වැඩපිළිවෙලක්

    ජූලි 02, 2016

    අනායනික බීජ අර්තාපල් සඳහා දරන අධික පිරිවැක අවම කිරීමට දේශීක බීජ අර්තාපල් නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.


    නුවර එළිය දිස්ත්‍රික්කයේ ගොවීන් මුහුණපාන ගැටළු හඳුනාගැනීම සඳහා තෙදින විශේෂ ක්ශේත්‍ර චාරිකාවක නියැලෙමින් ගොවීන් හමුවේ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව පවස තිබේ.

     

    නුවර එළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආර්‍තික බෝගයක් වන අල වගාකිරීමේ දී ගොවීන් මුහුණපාන ප්‍රධාන ගැටළුව වන්නේ බීජ අර්තාපල් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදු වීමයි. මේ තත්ත්වය වළක්වා ගනීම සඳහා දේශීය අර්තාපල් බීජ නිශ්පාදනය දිරිගැන්වීමේ වැඩපිළිවෙල ශක්තිමත් කළ යුතු බව අමාත්‍යවරයා අවධාරනය කළේ ය.

     

    බීජ අර්තාපල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය හරිතාගර පහසුකම් ඇතුළු තාක්ෂණික මෙවලම් සහ තාක්ෂණික සහය ලබදීමට අමාත්‍යවරයා පියවර ගන්නා බව පැවසී ය.

    බීජ අර්තාපල් ගැටළුවට අමතර ගොවීන් මුහුණපාන සෙසු ගැටළු සඳහ ද කඩිනම් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නංවමින් ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya