අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියට හෙළ බොජුන් හලක්

    ජූලි 01, 2016
    දිවයින පුරා ක්‍රියාත්මක කරන හෙළ බොජුන් හල් ඇති කිරීමේ වැඩ පිළිවෙළ යටතේ නුවරඑළිය නගරයේ ඉදිකළ හෙළ බොජුන් හල විවෘත කිරීම කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය.‍
    ජනතාව අතර දේශීය ආහාර පරිභෝජනය ප්‍ර‍චලිත කිරීමේ අරමුණෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කර ඇත.
     
    දේශීය ආහාර ප්‍ර‍වර්ධනය කරන හෙළ බොජුන් හල් වැඩසහන යටතේ හෙළ බොජුන් හලට පැමිණෙන පාරිභෝගිකයාට රසකාරක, වර්ණක, කල්තබා ගැනීමේ ද්‍ර‍ව්‍යවලින් තොර නැවුම් ආහාර වේලක් භුක්ති විදිය හැකි වන අතර රසයෙන් මෙන්ම ගුණාත්මක බවින් ඉහළ දේශීය ආහාර සාධාරණ මිලකට ලබා ගත හැකි වීම විශේෂත්වයකි.
     
    මේ වන විට ගන්නෝරුව, පේරාදෙණිය, මහනුවර, කුණ්ඩසාල, අනුරාධපුර, පැල්වෙහෙර, ලබුදූව, බටඅත, බත්තර මුල්ල සහ පින්නවල යන ප්‍රදේශවල හෙළ බොජුන් හල් ක්‍රියාත්මකව පවති. 
     
    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකය මඟින් දිවයින පුරා හෙළ බොජුන් හල් ඇති කිරීම මඟින් කාන්තාවන් සඳහා කෘෂිකර්මය පාදක කරගත් රැකියා අවස්ථා බිහිකිරීමෙන් කාන්තාවන්ගේ ව්‍යාවසායකත්ව හැකියාවන් දියුණු කිරීමද අරමුණ වේ.
     
    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය එම්. රාජේස්වරන්, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් බි. විජයරත්න, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල යන මහත්ම මහත්මින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.
     
    AP/DMU-Nuwaraeliya
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya