මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය මාර්ගෝපදේශ හා රැකියාගත කිරීමේ වැඩසටහනක් හෙට (29) පස්ගොඩ දී

    අප්‍රේල් 28, 2016

    ශ්‍රම වෙළඳපොළ තුළ පවත්නා රැකියා අවස්ථා හඳුනාගෙන මාතර දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් ඒ වෙත යොමු කර ජාතික සංවර්ධනයට දායක කිරීමේ අරමුණින් සංවිධානය කරන රැකියා විරහිත තරුණ තරුණියන් රැකියාගත කිරීමේ වැඩසටහනක් හෙට (29) පෙ.ව. 9.00 ට පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත් වේ.

    රැකියා වෙළඳ පොළ තුළ රැකියා අවස්ථා බහුලව පැවතිය ද ඒ සඳහා යොමුවීම අවම මට්ටමක පවතී. එබැවින් රැකියා අවස්ථා ලබා දිය හැකි පුරප්පාඩු සහිත පෞද්ගලික ආයතන සහ දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් එක් ස්ථානයක දී මුණගැස්වීම මගින් දේශීය රැකියා අවස්ථාවන් සඳහා යොමු වීමට ඔවුන්ට අවස්ථාව සලසා දීම මෙහිදී සිදු කෙරේ.

    වෘත්තීය පුහුණු ආයතන ද මේ අවස්ථාවට සම්බන්ධ වන බැවින් වෘත්තීය පුහුණු පාඨමාලාවන් වෙත යොමු වීමට අපේක්ෂිත තරුණ තරුණියන්ට ඒ සඳහා ද අවස්ථාව හිමි වේ.

    මෙහි දී වෘත්තීය මාර්ගෝපදේශ සේවාවන් සැපයීම හා රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් ලියාපදිංච් කිරීම  ඇතුළු සේවාවන් රැසක් ලබා ගැනීමට අවස්ථාව තිබේ.

    මෙම වැඩසටහන සඳහා රාජ්‍ය අංශයේ ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන 15 ට ආසන්න ප්‍රමාණයක් සහභාගි වීමට නියමිතය. පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් 300 ට අධික ප්‍රමාණයක් ද මේ සඳහා සහභාගි වෙතැයි අපේක්ෂා කෙරේ.

    බෙරෙන්ඩිනා රැකියා සේවා මධ්‍යස්ථානය අනුග්‍රහයෙන් මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මහජන රැකියා සේවා මධ්‍යස්ථානය හා පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරති.

    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya