අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාත් සමුපකාර ප්‍රඥප්තිය සංශෝධනයට පියවර

    අප්‍රේල් 29, 2016
    මධ්‍යම පළාත් සමුපකාර ප්‍රඥප්තිය  කඩිනමින්  සංශෝධනය  කිරීමට කටයුතු කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.
    මධ්‍යම පළාත් සභාවේදී සමුපකාර සමිතිවල සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රධාන  අමාත්‍යවරයා මේ බව පැවසීය. 
     
    සමුපකාර සමිති ප්‍රඥප්තියේ ඇති  දුර්වලතා හේතුවෙන් සමුපකාර  ආයතනවල සිදුවන  අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් ක්‍රියාකිරිමේදී  ගැටළු පැන නගින බවත්,  ඉදිරියේදී එම තත්ත්වයන් වලක්වා ගැනීම සදහා  ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන ඇතුළත් කර සමුපකාර ප්‍රඥප්තිය සකස් කිරීමට කටයුතු යොදන බව ඇමැතිවරයා පැවසීය. 
     
    මේ සම්බන්ධයේ  මධ්‍යම පළාතේ සමුපකාර  සමිතිවල සභාපතිවරුන් කැදවා  දැනටමත් සාකච්ඡා කොට අදහස් ලබාගෙන ඇති අතර  කඩිනමින්  සමුපකාර ප්‍රඥප්තිය එලිදැක්වීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.
     
    AP/DMU-Kandy
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya