මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕමාන් රාජකීය නාවික හමුදා මාණ්ඩලික නිලධාරී නාවික හමුදා‍ධිපති හමුවෙයි

    නොවැම්බර් 27, 2015

    ඕමාන් රාජකීය නාවික හමුදාවේ පුහුණු හා උපාය මාර්ග පිළිබඳ මාණ්ඩලික නිලධාරී, කොමාණ්ඩර් අලි බින් සුලායිමන් බින් අබ්දුල්ලා අලි රාවහි මහතා ඊයේ (26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

    එහිදී ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ඕමාන් නාවික හමුදා සාමාජිකයින් හට ලබා දෙනු ලබන තාක්ෂණික පුහුණුව සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමන් හා සුහද කතාබහක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

     

    සිව් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති කොමාණ්ඩර් අල් රවාහි මහතා ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පුහුණුව හා ඇගයීම් කටයුතු පිළිබඳ අධ්‍යනය කිරීමට ද නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya