මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවාස දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් කෑගල්ලේ දී

    නොවැම්බර් 27, 2015
    කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස දහසක් පිළිසකර කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කළමණාකරු පී.ඒ.එස්.පී ආරියවංශ මහතා පවසයි.
    2015 ලෝක ජනාවාස දිනයට සමගාමිව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් දිවයිනේ නිවාස  25,000 ක් පිළිසකර කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක ‍කෙරේ. අඩු ආදායම්ලාභී හා සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ නිවාසවල කපරාරු කිරීම සදහා  මේ යටතේ සිමෙන්ති කොට්ට 10 බැගින් ආධාර වශයෙන් ලබාදෙයි.
     
    මේ යටතේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම්ලාභීන් සදහා සිමෙන්ති ප්‍රදානය කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පසුගියදා සිදු කෙරිණි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී හා යටියන්තොට එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුජිත් සංජය පෙරේරා ,බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර යන  මහත්ම මහත්මීහු ද සහභාගි වුහ.
     
    AP/DMU-Galle
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya