මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභ්‍යන්තරික ආගමික ඒකාග්‍රතාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ගාල්ලේදී

    මැයි 29, 2015

    අභ්‍යන්තරික ආගමික ඒකාග්‍රතාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ඊයේ (28) ගාල්ල ප්‍රදේශයේ සියළුම ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ දී පැවැත්විණ.

    මෙහි ආරාධිත දේශනය රුහුණු විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය එන්.ඩී.ජී.ඒ හේමන්ත මහතා විසින් සිදු කළ අතර සියළුම ආගමික නායකයින් විසින් සිය ආගමික සහජීවනය පිළිබව අදහස් පළ කළහ. ඒකීයත්වය තුළ ගොඩ නැගෙන විවිධත්වයේ අගය සහ සහශ්‍ර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සදහා ඉන් ලැබෙන පිටුබලය පිළිබදව ද මෙහිදී අදහස් පළ විය.

     

    මෙම අවස්ථාවට ග්‍රාම නිලධාරීන්, දහම්පාසල් ගුරුවරුන්, සිවිල් ආරක්ෂක කමිටු නියෝජිතයින් සහ භාෂා සංගම් නියෝජිතයින් රැසක් ද සහභාගී වී සිටිය හ.

     

    මෙහි පළමු වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති අතර ඊයේ ගාල්ලේ දී පැවැත් වූයේ මෙහි දෙවන අදියරයි. රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබද අමාත්‍යාංශයේ, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කළ අතර ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මේ සදහා අවශ්‍ය සම්බන්ධීකරණ දායකත්වය දැක්විය.


    MAP/SH_dmu_galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya