අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනයට මිලියන 1583ක්

    මැයි 29, 2015

    නව රජය බලයට පත්වීමෙන් පසු දිවයිනේ මාර්ග සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දී ඇති මුල්‍ය ආධාර යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 1583ක් වෙන් කර තිබේ.

    මෙම මුදලින් තිස්සමහාරාම, මුල්කිරිගල, බෙලිඅත්ත සහ තංගල්ල යන මැතිවරණ කොට්ඨාශ 4ට අයත් මාර්ග 51ක් කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියමිතය.

     

    මෙම මාර්ග සැකසීමේදී ප්‍රදේශවාසී පුහුණු හා නුපුහුණු ශ්‍රමිකයන්ගේ සේවය ලබා ගැනීමට නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් අදාළ කොන්ත්‍රාත්කාර සමාගම් වෙත කර ඇති ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘතිවල සේවක වැටුප් නැවතත් ගම වෙතම ගලා යෑමට ඉඩ සැලසෙන බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සඳහන් කරයි.


    මාර්ග සංවර්ධන කටයුතු වල ප්‍රමිතිය සහ සෙසු කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම මාර්ග විහිදී ඇති ප්‍රදේශ වල සෑම ග්‍රාම නිලධාරී වසමකින්ම පුද්ගලයන් 20 දෙනෙකුගෙන් සමන්විත ප්‍රජා කමිටු පිහිටුවීමටද නියමිතය. මෙම කමිටු මසකට වරක් රැස්වී ප්‍රගති සමාලෝචන කටයුතුවල නිරත වනු ඇත.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya