මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ සුබසාධන කඳවුරුවල ජීවත්වන ජනතාවගේ ගැටලුව පිළිබඳ ජනපතිගේ අවධානය

    දෙසැම්බර් 19, 2014
    වසර 24ක් තිස්සේ යාපනයේ සුබසාධන කඳවුරුවල ජීවත්වන ජනතාවගේ ගැටලුව විසඳීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ යාපනය සුබසාධන කඳවුරුවල ජීවත්වන ජනතාව අතර හමුවක් ඊයේ (18) පස්වරුවේ යාපනයේදී පැවැත්වුණු අතර එහිදී ඔවුන් අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.
     
    ත‍්‍රස්තවාදයෙන් අවතැන්වූ ජනතාව නැවත පදිංචි කළ අයුරින්ම මෙම ජනතාව ද පදිංචි කරවීමට රජය පසුගිය කාලය තුළ උත්සාහ ගත්ත ද ඔවුන්ගේ ම ඇතැම් නායකයන්ගේ කි‍්‍රයාකලාපයන් නිසා එම උත්සාහය ව්‍යාර්ථ වූ බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.
     
    එම නායකයන් මෙම ගැටලුව ජාත්‍යන්තර ගැටලුවක් බවට පත්කර ගැනීමට කටයුතු කරමින් සිටින අතර එය ජාත්‍යන්තර ගැටලුවක් නොව අපේ රටේ ගැටලුවක් බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා අපේ රටේ ගැටලු විසඳිය යුත්තේ ජාත්‍යන්තරය නොව අපම බව ද කියා සිටියේ ය.
     
    කියන දේ කරන, කරන දේ කියන නායකයකු වශයෙන් මෙම ගැටලුව විසඳීමට ඉදිරියේදී කටයුතු කරන බව පැවසූ ජනාධිපතිතුමා ඇතැම් දේශපාලඥයන්ගේ බොරු ප‍්‍රචාරවලට නොරැවටී තමන් පිළිබඳ විශ්වාස තබා කටයුතු කරන ලෙස ද එම ජනතාවට පැවසීය.
     
    1999 වසරේ සිට මෙම ජනතාව මෙලෙස සුබසාධන කඳවුරුවල ජීවත්වන අතර එම ගැටලුවට මැදිහත්වීමට ඔවුන්ගේ කිසිදු නායකයකු ඉදිරිපත් නොවිනි.
     
    අධික වැසි කාලයට එම කඳවුරු ජලයෙන් යටවන බව ද මෙහිදී එම ජනතාව ජනාධිපතිතුමා සමඟ පැවසූ අතර ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ජනාධිපතිතුමා උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා වෙත උපදෙස් ලබා දුන්නේ ය.
     
    අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
     
     
    NDH/priu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya