අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    දෙසැම්බර් 19, 2014
    ජනාධිපතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් පොලිස් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
     
    එය පොලිස් නිලධාරීන් 12,000කින් යුතු කණ්ඩායමක් යොදවා පෝස්ටර්, බැනර්, කටවුට් ඉවත් කිරීම සඳහා පියවර ගැනීමට දැනුම් දී තිබෙන අතර රුපියල් මිලියන 50ක් මේ සඳහා වෙන්කර ඇති අතර මැතිවරණ මහ ලේකම් කාර්යාලය හා පොලිස් අධිකාරිය යටතේ විශේෂ පොලිස් මෙහෙයුම් මධ්‍යස්ථාන ද පිහිටුවා ඇත.
     
    මීට අමතරව පොලිස් කොට්ඨාස 43ක් ආවරණය වන පරිදි මෙහෙයුම් මධ්‍යස්ථාන 41ක් ස්ථාපිත කර ඇත. සෑම මධ්‍යස්ථානයකටම ටී - 56 ගිනි අවිවලින් සන්නද්ධ ව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා කාන්තා පොලිස් නිලධාරිනියක මැතිවරණයේ දී ඡන්ද මධස්ථාන සියල්ල ආවරණය වන පරිදි යොදවා ඇත.
     
    මැතිවරණ නීති හා රෙගුලාසි උල්ලංඝනය කරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට පෙළඹෙන අයට එරෙහි ව නීතිය තදින් ම ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
     
    මේ වන විට පැමිණිලි 49ක් මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති බවත් පුද්ගලයන් 30ක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති බවත් අජිත් රෝහණ මහතා පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya