මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නායකත්ව පුහුණුව අතරතුර සිසුවියකට අනතුරක් වීමේ පුවත අසත්‍යයක්

    නොවැම්බර් 12, 2014

    නායකත්ව පුහුණුව අතරතුර සිසුවියකගේ කොන්ද කැඩී සුෂුම්නාවට හානි පැමිණ ඇති බවට අද පුවත්වල පළ වී ඇති වාර්තා අසත්‍ය බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.


    එම සිසුවියගේ කකුලේ යම් ආබාධයක් ඇති වී එක් දිනක් පමණක් රෝහල්ගත ව ප්‍රතිකාර ලබා නැවත අදාළ පුහුණු කඳවුර වෙත වාර්තා කළ බව ද ඔහු සඳහන් කළේය.

    අමාත්‍යවරයා අද (12) පාර්ලිමේන්තුවේදී මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවාරයේ දී අසන ලද අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    උප කුලපති, පීඨාධිපති හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එක් ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශ කිහිපයක් කළමනාකරණ හා මූල්‍ය පීඨය ලෙස නම් කිරීමට අදාළ ගැසට් නිවේදනය අත්සන් කිරීමට ඇති අවස්ථාවේ සිසුන් කූඩාරමකට නැග විරෝධය පළ කළ නිසා ගැසට් එක අත්සන් කළේ නැහැ. මාස 02ක් පමණ ගිය පසු සිසුන්ගේ ක්‍රියාමාර්ගය නතර කළ අවස්ථාවේ තමා ඊට අත්සන් තැබූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya