මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනජීවී ස්වේච්ඡා මාර්ග උපදේශකයන් ස්ථිර සේවකයන් ලෙස රාජ්‍ය සේවයට

    නොවැම්බර් 12, 2014

    2015 අය-වැය යෝජනා පරිදි දින 180 සැපිරූ වනජීවී දෙපාර්තමේන්තුවේ ස්වේච්ඡා මාර්ග උපදේශකයන් ලෙස කටයුතු කරන සේවක පිරිස ක්ෂේත්‍ර සහකාර ලෙස තනතුරු නාමය සංශෝධනය කර ස්ථිර සේවකයන් ලෙස රාජ්‍ය සේවයට බඳවා ගන්නා බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමිනි.

    2015 අය-වැය ලේඛනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළ පරිදි දින 180ට වඩා වැඩි කාලයක් සේවය කළ සේවකයන් ස්ථිර කිරීමේ වැඩපිළිවෙළ යටතේ දැනට වනජීවි දෙපාර්තමේන්තුවේ සේවයේ නිරිත පිරිස මෙසේ ස්ථිර කරනු ඇත. ස්වේච්ඡා මාර්ග උපදේශකයන් මේ වන විට උද්ඝෝෂණයක නිරත වී සිටී. වසර 03කට අධික කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් ගැටලු පැවතිණි. ඊට අදාළ නිලධාරීන් එම ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කර ඇත. වගකිව යුතු නිලධාරීන් විදේශගත ව සිටින අවස්ථාවේ ස්වේච්ඡා මාර්ග උපදේශකයන් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම කුමන්ත්‍රණයක් බව ද අමාත්‍යවරයා පැවසීය.

    අය-වැයට පෙර පැවති ඔවුන්ගේ දෛනික වැටුපට රුපියල් 200ක් එක් කරමින් දිනක වැටුප රුපියල් 700ක් දක්වා වැඩිකිරීමට කටයුතු කෙරිණි. මේ පිරිස සේවයට බඳවා ගැනීම සඳහා සාමාන්‍ය පෙළ විභාගයෙන් හයෙන් දෙකක් තිබිය යුතුයි. මේ තනතුර සඳහා බඳවා ගන්නා පිරිස ගිරිතලේ පුහුණු කේන්ද්‍රයට යවා පුහුණු කිරීම අවශ්‍ය බව ද මා සඳහන් කළේ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya