මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනයනය කරන ටින් මාළු 37.7%කින් පහළට

    නොවැම්බර් 12, 2014

    2013 - 2014 කාලය තුළ මෙරටට ආනයනය කරන ලද ටින් මාළු ප්‍රමාණය 37.7%කින් පහළ ගොස් ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පූර්ණ සංකලිත ටින් මාළු කර්මාන්ත ශාලා ගණන 04ක් වන අතර දේශීය වෙළෙඳපොළට සැපයීම සඳහා මේවායෙහි ටින් මාළු නිෂ්පාදනය කරනු ලබයි. මේ සියලු ම කර්මාන්ත ශාලාවල ආයෝජන වටිනාකම රුපියල් මිලියන 660ක් පමණ වේ. සියලු ම කර්මාන්තශාලාවල සේවක සංඛ්‍යාව 144ක් පමණ වන බවත් ඔහු සඳහන් කළේය.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (12) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    ලංකාවේ ලින්නා මාළු මිල පෙර පැවතියේ රුපියල් 70ට 80ටයි. නමුත් ටින් මාළු නිෂ්පාදනය නිසා එහි මිල රුපියල් 120ට 230ට වැඩි වුණා. ඊට වඩා මිල වැඩි කළ නොහැකියි. එවිට ටින් මාළුවල මිල ද වැඩි වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මිල ඉහළ ගියත් ලින්නා මාළු පරිභෝජනය ද ඉහළ ගොස් ඇති බවත් මේ වන විට කරවල සඳහා ද ඒ මාළු යොදා ගන්නා බවත් පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya