මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හා කලාකරුවන් අතර හමුවක්

    නොවැම්බර් 12, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා කලාකරුවන් අතර හමුවක් ඊයේ (11) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.


    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලද මේ හමුවට ප්‍රවීණ කලාකරුවන් පන්දහසකට අධික පිරිසක් එක් ව සිටියහ. ඒ අතර ගායක ගායිකාවන්, නළු නිළියන්, චිත්‍රපට අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු වූහ.

    මෙහිදී ජනාධිපතිතුමා ඔවුන් අතරට යමින් සුහද කතාබහක නිරත විය.

    මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ටී.බී. ඒකනායක, රෝහිත අබේගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාලනී ෆොන්සේකා, තිලංග සුමතිපාල, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු එක් ව සිටියහ.

     

    NDH/pmu_pix by Sudath Silva

    06

     

    08

     

    19

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya