මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීරියබැද්ද නායයාමෙන් දිවි බේරාගත් පිරිසට සියලු පහසුකම් සැපයීම වගකීමෙන් යුතුව රජය භාරගන්නවා

    ඔක්තෝබර් 31, 2014

    හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද වත්තේ නායයාමෙන් දිවි බේරාගත් පිරිසට අවශ්‍ය සියලු පහසුකම් සැපයීම වගකීමෙන් යුතු රජයක් ලෙස මේ රජය  භාරගන්නා බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.


    හල්දුම්මුල්ල, කොස්ලන්ද මීරියබැද්ද වත්තේ නායයාම සිදු වූ ස්ථනයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගිය බවත් එම ස්ථානය නිරීක්ෂණය කරමින් ජනතාව මුණ ගැසී කතා කළ බවත් ඒ මහතා කීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (31) පාර්ලිමේන්තුවේදී මේ නායයාම හා ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්, විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් මෙන් ම රාජ්‍ය නිලධාරීන්ගේ සහය ද මේ සඳහා ලැබුණි. මේ වන විටත් සෙවීමේ කටයුතු සිදු කරනු ඇත. මෙහිදී ඇති එක් බාධාවක් වන්නේ කාලගුණය සැලකිල්ලට ගෙන ඒවා සිදු කිරීමට වීමයි. යුද හමුදාවෙන් 450ක් හා ගුවන් හමුදාවෙන් 50 දෙනෙකු මේ සඳහා යොදවා ඇත.

    පාසල් දරුවන් 75 දෙනෙකු පාසල් යාම නිසා දිවි බේරා ගෙන තිබේ. රැකියා සඳහා ගිය පිරිසත් සමඟ දිවි බේරාගත් පිරිස ගනේෂ් දෙමළ මහා විද්‍යාලයේ හා පූනගල දෙමළ මහා විද්‍යාලයේ  සිටින අතර ඒ අයට අවශ්‍ය සියලු පහසුකම් රජය මඟින් ලබා දීමට පියවර ගන්නා බව ද ඔහු පෙන්වා දුන්නේය. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇත. දරුවන්ගේ අනාගතය භාරගන්න මේ රජය සූදානම්. මේ විනාශයට හේතුවක් වන්නේ විනාශ වූ නිවාස වෙනුවට වෙනත් නිවාසවල ජනතාව පදිංචියට නොයාමත් වතු සමාගම්වලින් ද යම් අඩුපාඩුවක් සිදු වී තිබීමයි. මේ ගැන සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා, පොලිස්පතිතුමාට දන්වා ඇති බව ද ඔහු කීය.

    රජය, වතු සමාගම්, අනෙකුත් රාජ්‍ය ආයතන එක් ව නිවාස වූ නිවාස හදන්න කටයුතු කරනවා. ජනමාධ්‍ය විශේෂයෙන් දෙස් විදෙස් මාධ්‍ය මේ පිළිබඳ පෙරමුණ ගෙන කටයුතු කළා. රටේ සියලු දෙනා ම මේ කාර්යය සඳහා සංවේගයෙන් යුතු ව මැදිහත් වුණා. ඒ ගැන ස්තූතිවන්ත විය යුතුයි. විපක්ෂ නායකතුමාත් දේශපාලනයෙන් තොර ව මේ සඳහා මැදිහත් වී කටයුතු කරන බව කිව්වා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ද මේ සඳහා එක් වුණා. විදේශ රටවල් ගණනාවක් මේ කටයුත්තට ආධාර උපකාර කරන්න එකඟ වී තිබෙනවා. නමුත් මේ සියලු වියදම් රජය මඟින් දරන්න හැකි බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

    මේ ස්ථානය නැරඹීමට විශාල පිරිසක් පැමිණෙනවා. එය අවදානම් කාර්යයක්. එය මෙහි කටයුතු කරන අයට ද බාධාවක් වෙනවා. කඳවුරුවල සිටින අයට ආහාර වෙනත් දෑ දෙන්න එන අය සිටිනවා. මේ කිසි ම කෙනෙකු මේ කඳවුරුවලට ආහාර දෙන්න එන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා අවශ්‍ය මුදල් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සපයා තියෙනවා. ඡායාරූප හා තොරතුරු විමසන්න මේ කඳවුරුවලට එන පිරිස සිටින අතර එවැනි දේ සඳහා ඒමෙන් වළකින ලෙස ද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මුදල් එකතු කරන්න යම් යම් කණ්ඩායම් සංවිධාන කටයුතු කරත් එවැනි දේ අවශ්‍ය නැහැ. අතුරුදන් පිරිස ගැන හරි ම තොරතුරක් ගන්න බැහැ. එසේ තිබූ සියලු ස්ථාන විනාශ වෙලා. පවුල් සෞඛ්‍ය සේවා කාර්යලයක් තිබුණා තොරතුරු ගන්න එහි නිලධාරිනියත් සමඟ යටවෙලා. ඊයේ වන විට කඳවුරුවල 300ක් පමණ සිටියත් දැන් 1000ක් පමණ සිටී. ඒ නිසා නිවැරදි තොරතුරු ගැනීමේ අපහසුවක් ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

    2005 හා 2011දී මේ ස්ථාවලින් ඉවත් වන ලෙස දැනුම් දුන්නත් ඉඩම් හා නිවාස ඉදිකර ගැනීමට යම් ප්‍රමාණයකින් සහය දුන්නත් ඔවුන් ඉන් ඉවත් ව නැහැ. වතු සමාගම් ද මොවුන් ගැන කටයුතු කරන අයුරු ප්‍රමාණවත් නැති බව පෙනෙනවා. එවැනි තත්ත්වයක් පැවතුණහොත් අවශ්‍ය නීතිරීති ගෙනවිත් කැබිනට් මණ්ඩලයෙන් හෝ පාර්ලිමේන්තුවෙන් අණපනත් සම්මත කරගෙන වතු නිවාසවල සේවය කරන ජනතාවට සහන ලබා දෙන්න කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya