මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌවවෙල්ලස්ස කැරැල්ලේ වීරවරයන්ට පනවා තිබූ දේශද්‍රෝහී දඬුවම ඉවතට

    දෙසැම්බර් 09, 2016

    බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස ප‍්‍රකාශයට පත්කරමින් දඩුවම් කරන ලද සිංහල වීරවරයන් දහනමදෙනෙකු අදාළ චෝදනාවන්ගෙන් නිදහස් කරමින් ඔවුන් සියලු දෙනා නිදහස් ශ‍්‍රී ලංකාවක් උදෙසා දේශානුරාගයෙන් සටන් වැදුණු වීරවරයන් ලෙස ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කරන ලදී.

    බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් මේ ආකාරයට දේශද්‍රෝහීන් ලෙස නම් කර දඬුවම් දෙන ලද්දේ කැප්පෙටිපොලදිසාව, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ, කතරගම මහාබෙත්මේ රටේ රාල, කතරගම කුඩාබෙත්මේ රටේ රාල, පලංගොල්ලේ මොහොට්ටාලේ, වත්තෙ කාලේ මොහොට්ටාලේ, පොල්ගහගෙදර රෙහෙන රාලේ, පොසේරේවත්තේ විදානේ, කිවුලේ ගෙදර මොහොට්ටාලේ, කළුගමුවේ මොහොට්ටාලේ, උඩුමාදුර මොහොට්ටාලේ, කොහුකුඹුරේ වලව්වේ රටේ රාල, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාල, බුටෑවේරටේ රාල, භගිනිගහවෙල රටේ රාල, මහබදුල්ලේ ගම්මානේ රටේ රාල, බුළුපිටියේ මොහොට්ටාල, පල්ලේමල් හේයායේ ගම තිරාලේ යන රණශූරයන් වෙතය.

     

    ඔවුන් වෙත මෙම චෝදනාව එල්ල කර ඇත්තේ 1818 වසරේ ඌවවෙල්ලස්ස කැරැල්ලට නායකත්වය ලබාදීම හේතුවෙන් වන අතර එවකට ලංකාවේ සිටි බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ රොබට් බ‍්‍රවුන්රිග් විසින් 1818 ජනවාරි මස 18 වනදින නිකුත් කරන ලද විශේෂ ප‍්‍රකාශයක් මගින් ඉහත වීරවරයන් සියලු දෙනාම දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබුණි.

     

    දීර්ඝ කාලයක් තිස්සේ තහවුරුවී පැවති බි‍්‍රතාන්‍ය ආණ්ඩුව විසින් නිකුත් කරන ලද එම ප‍්‍රකාශය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් වර්ෂ 2016 ක් වූ දෙසැම්බර් මස 08 වන දින කොළඹදී අත්සන් කරන ලද විශේෂ ප‍්‍රකාශයක් මගින් ප‍්‍රත්‍යාදිෂ්ට කර අවලංගු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya