මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා ගැටලු විසඳීමේදී සියලු දෙනා නම්‍යශීලී විය යුතුයි - ජනපති

    දෙසැම්බර් 09, 2016

    නීතිය සහ බලය කුමන අන්දමකින් පැවතිය ද ජනතාවගේ ගැටලුවලට විසඳුම් සෙවීමේදී සියලුදෙනා නම්‍යශීලීව කටයුතු කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව ඊට අදාළ සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ  (08) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

     

    අද රටටම පොදු ගැටලුවක් බවට පත්ව ඇති ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ගැටලුවට විසඳුම් සෙවීමේදී තමන්ට අයත් අමාත්‍යාංශ සහ ආයතන සතුව පවතින බලය ජනතා සුබසෙත උදෙසා නම්‍යශීලීව භාවිතා කිරීම සියලුදෙනාගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

     

    බලය තාවකාලික වන අතර සෑමවිටම ප‍්‍රමුඛත්වය හිමිවිය යුත්තේ ජනතා සුබ සෙත වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

     

    ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දැනට භාවිතා කරනු ලබන ක‍්‍රමෝපායන් සහ ඒ සඳහා යොදාගනු ලබන තාක්ෂණික ක‍්‍රමවේදයන් පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් කරුණු විමසු අතර ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළ කාර්යක්ෂම සහ විධිමත් කිරීම සඳහා පළාත් සභා, පළාත් පාලන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

     

    ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ කැබිනට් අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද කරුණු ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

     

    අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, ෆයිසර් මුස්තාෆා, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. මරික්කාර් යන මහත්වරුන් ද, පරිසර අමාත්‍යාංශය, මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන නියෝජනය කරමින් ප‍්‍රධානිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya