අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට ප්‍රධාන තැනක් ලබා දී තිබෙනවා - පරිවර්තන රාශියක් සැලසුම් කර තිබෙනවා

    දෙසැම්බර් 08, 2016

    වර්තමාන රජය සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට ප්‍රධාන තැනක් ලබා දී තිබෙන බවත් සංචාරක ව්‍යාපාරය සඳහා ආණ්ඩුව විසින් පරිවර්තන රාශියක් සැලසුම් කර තිබෙන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක ව්‍යාපාරයයි. සංචාරක ව්‍යාපාරය උපයන ආදායම දෙවැනි වෙන්නේ, විදේශ රැකියාවල  ආදායම හා ඇගලුම් කර්මාන්තයට පමණයි. අපට සතුටු වෙන්න පුළුවන්, සංචාරක  පැමිණීම වර්ධනය වෙලා තිබෙනවා. 2016 වසරේ  සියයට 15% ක  සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් දක්කනට ලැබෙනවා. සංචාරක ව්‍යාපාරය සඳහා අපේ ආණ්ඩුව පරිවර්තන රාශියක් සැලසුම් කර තිබෙනවා. වර්තමාන රජය සංචාරක ව්‍යාපරය පුළුල් කිරීමට ප්‍රධාන තැනක් ලබාදී තිබෙනවා. විශේෂ සංචාරක කලාප හඳුනාගෙන වැඩි දියුණුකිරීමට කටයුතු ආරම්භ කර තිබෙනවා.

     

    බෙන්තර සිට මුහුදු බඩ තීරය සංචාරක කලාපයක් ලෙස දියුණු කරන්න විශේෂ වැඩපිළිවෙලක් තිබෙනවා. දැවැන්ත සංචාරක ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන්න පුළුවන්. විශාල ප්‍රමණයකට රැකියා ඇති කරන්න. යටිතල පහසුකම් ලබාදෙන්න මෙම වැඩසටහන මඟින් හැකි වෙනවා.

    ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු රජය සැලසුම් යථාර්තයක්  බවට පත් කරන්න කටයුතු කරනවා. විවිධ බාහිර ක්‍රියාකාරිත්වයකින් සමන්විත ලෝකයේ ධනවත් සංචාරකයින් ආකර්ෂණය කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

     

    2016 මුල් මාස 10 තුළ  සංචාරක පැමිණීම 16,58,724ක්. රටවල් වලින් පැමිණෙන සංචාරක ප්‍රමාය වැඩි වී තිබෙනවා. කලයක් තිබුණා, ලංකාව සංචාරයට නුසුදුසු රටක් ලෙස ප්‍රකාශ කරලා.  දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. සංචාරක ව්‍යාපාරයට යටිතල පහසුකම් අවශ්‍යයි යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya