අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උප තැපැල් කාර්යාලවලට පරිගණක පහසුකම් ලබාදී ජාලගත කර ග්‍රාමීය ජනතාවට ප්‍රතිලාභ ලබාදෙනවා

    දෙසැම්බර් 08, 2016

    සියලු උප තැපැල් කාර්යාලවලට පරිගණක පහසුකම් ලබාදී ජාලගත කර ග්‍රාමීය ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට පහසුකම් සළසන්නට කටයුතු කරන බවත් ව්‍යාපාරික ප්‍රජාව තුළ අතිව තිබෙන විශ්වාසය තුළ අන්තර්ජාල ව්‍යාපාරික තැපැල් සේවාව සීග්‍ර ලෙස වර්ධනයක්  සිදුව තිබෙන බවත් තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලිම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.


    ශ්‍රී ලංකාවේ තැපැල් ස්ථාන 4691ක් ක්‍රියාත්මක වෙනවා. තැපැල්කරුවන් ඉතාමත් කැපවීමෙන් හා සුහදශීලීව සේවාවක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. තැපැල් සේවයට සේවකයින් 26781ක් අවශ්‍ය වුවද සේවකයින් සිටින්නේ 25739ක් පමයි.

    තැපැල් සේවකයින් 711 දෙනෙකුට පත්වීම් ලබාදීමට කට්යුතු කළා. අභ්‍යන්තර උසස්වීම් මත 147 දෙනෙකුට උසස්වීම් ලබාදුන්නා. ව්‍යාපාරික ප්‍රජාව තුළ අතිව තිබෙන විශ්වාසය තුළ අන්තර්ජාල ව්‍යාපාරික තැපැල් සේවාව සීග්‍ර ලෙස වර්ධනයක් සිදුව තිබෙනවා.

    ලිපි බෙදන තැපැල් කරුවන්ගේ පා පැදි සහ වෑන් රථ පරණයි. එම නිසා නව පා පැදි 8000ක් සහ වෑන් රථ 20ක් ලබාගැනීමට  අයවැයෙන් ප්‍රතිපාදන ලැබී තිබෙනවා.ලිපි බෙදා හැරීමට 1507ක අලුත් තැපැල්කරුවන් අවශ්‍ය වෙනවා.

    තොරතුරු තාක්ෂණය හා අලෙවි කරණ සේවා රැසක් හඳුන්වාදී තිබෙනවා. තැපැල් සේවය තරඟකාරීත්වයට සාර්ථකව මුහුණදීමට හැකි වී තිබෙනවා. සාම්ප්‍රදායික තැපැල් සේවයෙන් ඔබ්බට ගොස් නූතන අධිවේගී තැපැල් සේවයක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.සියලු උපතැපැල් කාර්යාලවලට පරිගණක පහසුකම් ලබාදී ජාලගත කර ග්‍රාමීය ජනතවට ප්‍රතිලාභ ලබාදීමට පහසුකම් සළසන්නට කටයුතු කරනවා. තැපැල් ආදයම වර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. තැපැල් සේවයේ, වසර 2017-2021 දක්වා පස් වසරක ව්‍යාපාරික සැලැස්මක් ක්‍රියාත්මක කරනවා , පැරැණි තැපැල් ගොඩනැගිලි නවීකරණය කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya