මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරු පාලක මණ්ඩල හදන්න ඉඩ තියන්නේ නෑ-ක්‍රීඩා අමාත්‍ය

    අප්‍රේල් 07, 2016

    2024 වසරේ ඔලිම්පික් ක්‍රීඩා තරඟය ඉලක්ක කරගෙන විශාල වැඩකොටසක් කරනවා. ක්‍රීඩා ඇමැතිවරයා ලෙස සිටින තුරු අතුරු පාලක මණ්ඩල හදන්න ඉඩ තියන්නේ නෑ යැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

     

    ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහිව සම්මුති පනත යටතේ නියෝගය අද (07) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණුනු අතර විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

     

    තහනම් උත්තේජක ද්‍රව්‍ය පිළිබඳව 1990 විතර කාලයේ දී විශාල කතිකාවක් ලෝකයේ ඇති වුණා. අද ලෝකයේ අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වී තිබෙනවා. මෙච්චරකල් ක්‍රීඩාව තිබුණේ තමන්ගේ ශරීරයේ ශක්තිය භාවිත කිරීමයි, වෙන කිසිවක් නොවෙයි.පසුව මෙය තහනම් උත්තේජක භාවිතය දක්වා ඇදී ගියා.


    සම්පල් විශාල වශයෙන් වෙනත් රටවලට යවන්න සිද්ධ වී තිබෙනවා. රුපියල් මිලියන 102ක මුදලින් පසුගිය 31 දින මුල්ගල තිබ්බා.සම්පූර්ණ පහසුකම් සහිත ගොඩනැගිල්ලක් ඉදිකරන්න. මෙය හැදුවට පස්සේ ක්‍රියාත්මක කරන්න ක්‍රීඩා විද්‍යා ආයතනයේ තිබෙන,ඉතාම කුඩාකාමර දෙකක් අරගෙන කටයුතු කරන්නේ.මෙය ස්ථීර ගොඩනැගිල්ල අපි දියුණු කරනවා.

     

    ක්‍රීඩාව කඩා වැටිලා කියා කිව්වට,විපක්ෂයට ගියාම කියන්නේ එහෙමයි.කඩා වැටුණු ක්‍රීඩාවන් ගනාවක් ඔබට කියන්න කමැතියි. ක්‍රීඩා සංගම් 17 ප්‍රශ්න තිබෙන තත්ත්වයට පත් වෙලා තිබුණා.

    ලෝක ඔලිම්පික් කමිටුව සමඟ මම සාකච්ඡා කළා,ඔවුන්ගේ මූලික චෝදනාව වුණේ,දේශපාලන වශයෙන් ලංකාවේ ක්‍රිඩාවට දේශපාලඥයෝ අතගහනවා කියන චෝදනාව කළේ.අපිට දැන් සිදු වී තිබෙනවා මෙය යම්කිසි ලෙසකට වෙනස් කරන්න.

     

    ක්‍රීඩාව දේශපාලනීකරණය කියන ප්‍රශ්නය අපිට ගෙනාවා.ක්‍රීඩා සංගම්වලට නිදහස ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අඳහස් එක්ක,අදාළ පනත සකස් කරලා, නීතිපතිවරයා ළඟ තිබෙනවා.ජූඩෝ නිලවරණය ඉතාම ඉක්මනින් තියෙනවා. රගර් නිලවරනයට අවශ්‍ය කටයුතු ලැස්තිකර තිබෙනවා.අතුරු කමිටු සියල්ල විසුරුවා හැරලා,කිසිම බලපැමක් නෑ.

     

    කිසිම කමිටුවක් පත් කරන්න අගමැතිතුමා කියා නෑ. අකිල විරාජ් කාරියවසම් මැතිතුමාත්, මලික් සමරවික්‍රම මැතිතුමා ඇතුළු කණ්ඩයමක් මඟින් ක්‍රියදාමයක් පටන් ගෙන තිබෙනවා පාසල්වල ඉන්න වයස අවුරුදු 14ට අඩු ළමයි සියලු දෙනාම එකට එකතු කරලා,දක්ෂතාව දක්වන ක්‍රීඩාව මොකක්ද කියලා,බලලා, එයි ඔවුන් තෝරාගෙන සංචිත ගතකරලා ඔවුන් ඉදිරියට ගෙනියන්න.


    විශාල වැඩකොටස් ගණනාවක් අපි ආරම්භ කර තිබෙනවා.සියලු ක්‍රීඩා සංගම් හමුවෙනවා.ජාතික ක්‍රීඩා සංගම්වලට තමන්ට කියලා තාමත් ස්ථානයක් හොයාගන්න බැරි තැනකට පත් වෙලා. මම බලාපොරොත්තු වෙනවා,වැඩපිළිවෙලක් සකස් කරන්න.


    තහනම් උත්තේජක සම්බන්ධව කතාකරන කොට 2014 පස් දෙනෙක් 2015 දෙදෙනෙක් දක්වා අඩුවෙලා තිබෙනවා.2016 එක් අයෙක් හොයාගන්න ලැබුණේ. ක්‍රිකට් ක්‍රීඩාව ගැනත් ප්‍රශ්න ගණනාවක් පසුගිය කාලයේ ආවා.පසුගිය කාලයේ අතුරු පාලක කමිටුවලින් ක්‍රිකට් ක්‍රීඩාව හෙම්බත් වෙලා තිබුණේ.විවිධ අතගැසීම්, තිබුණා.විශාල ණය කන්දරාවක ක්‍රිකට් පාලක මණ්ඩලය හිර කරලා.අත දිගහැර වැඩකරන්න බැරි තත්ත්වයක තිබෙන්නේ.

     මේ වගේ ප්‍රශ්න ගණනාවක් ඇති වුණා, පසුගිය කාලවකවනු වලදී.මෙයා ඉතාම ක්‍රමාණුකූලව හදාගෙන යන්නේ.ක්‍රීඩාවේ පරිපාලනය නිවැරැදිව ක්‍රියාත්මක කරන්න,ක්‍රීඩා සංගම් විශාල ප්‍රශ්න ගණනාවක ඉන්නව.අවුරුදු ගණන් පැලපදියම් වූ අය ඉන්නව.හරි දේ කරන්න හදනකොටත් විරෝධතා එනවා.ක්‍රීඩා සංගම් නිවැරැදි ලෙස වැඩකරන්න.එසේ නොකරන තාක් අපට අතගැසීමට සිදු වෙනවා.නිවැරැදිව වැඩකරනවා නම් අතගැසීමට සූදානම් නෑ කියලා පැහැදිළිව කියනවා.

     

    අද ක්‍රිකට් පාලක මණ්ඩලයක් පත් කර තිබෙනවා.ඔවුන්ට කාලවකවානුවක් දිය යුතුයි,හුස්මක් අරගෙන  වෙනස ඇති කරන්න. පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සිට නැවත ප්‍රතිව්‍යුහගතකරණයකට යා යුතුයි.පාසල් ක්‍රිකට් ක්‍රීඩාවත් විශාල ප්‍රශ්න ගණනාවක් ඇවිත් තිබෙන්නේ.නැවත සම්පූර්ණ වැඩපිළිවෙළක් හදලා,නිවැරැදි ලෙස ඉදිරියට ගෙන යන වාතාවරණයක් සකස් කරන්න බලාපොරොත්තු වෙන්නේ.එයට නැවත අතුරු පාලක මණ්ඩල හදන්න ඇතැම් අය උත්සහ කරනව.ක්‍රීඩා ඇමැතිවරය ලෙස සිටින තුරු අතුරු පාලක මණ්ඩල හදන්න ඉඩ තියන්නේ නෑ.ඊට වැඩිය හොඳයි ඉල්ලා අස්වීම බාර දීලා ගෙදාර යන එක.ඒවට ඇඟිලි ගහන්න ඉඩ තියන්නේ නෑ.ක්‍රීඩාවේ ඉදිරි අවුරුදු පහක ඉලක්කයක් එක්ක,2024 වසරේ ඔලිම්පික් ක්‍රීඩා තරඟය ඉලක්ක කරගෙන විශාල වැඩකොටසක් කරනවා.නිවැරැදි ලෙස ක්‍රීඩාව දියුණු කරන්න සූදානම්.ඒ සඳහා විශාල ප්‍රයත්නයක් දාරාගෙන යනව යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya