මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැකිරාව මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ජනපති එක් වෙයි

    මාර්තු 26, 2016

    කැකිරාව මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඊයේ (25) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවැත්විණි.

    කැකිරාව මධ්‍ය විද්‍යාලය වෙත රාජ්‍ය නායකයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් එහි ගිය ජනාධිපතිතුමා විද්‍යාලයීය සිසු දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබිය.

    විද්‍යාලයේ ශිෂ්‍ය භට බලකායේ විශේෂ උත්තමාචාරය ද ජනාධිපතිතුමා වෙනුවෙන් පිළිගැන්විණි.

    විශිෂ්ටතා දැක්වූ සිසුන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට තිළිණ ප්‍රදානය කිරීමද සිදු විය.

    එමෙන්ම ඉසුරු ශ්‍රී බණ්ඩාර ඊරියගොල්ල සිසුවා විසින් රචිත ,නොදැනුන සුවද, කෙටිකතාව සහ ඒ.ඩබ්.ඩී.වී. දිව්‍යාංජලී සිසුවිය විසින් රචිත නිසදැස් කාව්‍ය සංග්‍රහය මෙහිදි ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා වෙත පිරිනැමූ විශේෂ සමරු තිළිණය විද්‍යාලයේ ආදිශිෂ්‍ය, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා විසින් පිළිගැන්විණි.

    අවුකන රජමහා විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක,  පී. හැරිසන්, චන්ද්‍රානී බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ, ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් යන මහත්වරුන් ද විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya