මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “තුන් කල් දුටු පරණවිතාන ” එළි දකී

    මාර්තු 24, 2016

    මහාචාර්ය සෙනරත් පරණවිතාන ශ්‍රීමතාණන්ගේ ශාස්ත්‍රීය මෙහෙවර පිළිබද රචනා කරන ලද ” තුන් කල් දුටු පරණවිතාන ” කෘතිය ජනගත කිරීමේ උත්සවය ඊයේ (23) පස්වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.



    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයෙකු වන  සිරිසමන් විජේතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කොට තිඛෙන අතර සරසවි ප්‍රකාශනයක් ලෙස එළිදක්වා ඇත.

    ග්‍රන්ථයේ පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම මෙහිදී සිදු විය.

    පූජ්‍ය තීනියාවල පාලිත ස්වාමින් වහන්සේ ද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සභාපති ශිරාන් දැරනියගල, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක, මහාචාර්ය ජේ.බී. දිසානායක යන මහත්වරුන් ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya