මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිපුණතා සංවර්ධනයේ පරිවර්තනීය වෙනසක්

    මාර්තු 24, 2016

    නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය යටතේ පවත්නා ජාතික ව්‍යාපාර කළමණාකාරීත්වය විද්‍යායතනය පිළිබද ප්‍රගති සමාලෝචන රැස්වීම  (23) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.



    පසුගිය කාලයේ පැවති අකාර්යක්ෂමතාවය නිසා වසා දැමුණු ඇතැම් මධ්‍යස්ථාන නැවත ගොඩනැගීම තුළින් රටේ තරුණ පරපුර පුහුණු ශ්‍රමබලකායක් ලෙසින් පුහුණු කරන බව ජනාධිපතිතුමා මෙහිදි පැවසීය.



    නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, අමාත්‍යංශ ලේකම් පී.රණේපුර යන මහත්වරු ඇතුළු නිලධරිහු රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya