මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 1000ක කර්මාන්ත ගම්මානයක්

    මාර්තු 24, 2016

    හම්බන්තොටප්‍රදේශයේ අක්කර 1000ක කර්මාන්ත ගම්මානයක් පිහිටු වීමට බලාපොරොත්තු වෙනවා යැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර  වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතා ඉදිරිපත් කළ ආර්ථිකය පිළිබඳ ප්‍රකාශය පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගෙනා සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දෙවැනි දින විවාදයේ අඳහස් දක්වමිනි.

    පසුගිය රජය කලයේ ඵලදයි නොවන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ආරම්භ කර තිබුණා.අපිට ආශ්චර්යක් කරන්න අවශ්‍ය නෑ. ගෝලීය මූල්‍ය වෙනස් කම් හදුනාගෙන කටයුතු කළ යුතුයි.අන්තර්ජාතික වශයෙන් ඒවා දේශීයව ශ්‍රී ලංකා රජය සැළකිලිමත් වී තිබෙනවා.මේ තත්ත්වයන්ට මුහුණ දීමට දේශීය වශයෙන් මුහුණ දීමට ප්‍රතිකර්ම සපයනවා.විදේශ විනිමය ඉපයීමට පසුගිය රජය කටයුතු කළේ නෑ.ඒ නිසා රටේ අසමතුලිතතාවයක් ඇති වුණා.

     

    හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, සම්මන්ත්‍රණ ශාලාව වගේ දේවල්,නිසි ප්‍රතිඵල ලබා දී නෑ අපේ රටේ ආර්ථිකයට.අපේ රජය විසින් මේ රට බේරා ගැනීම සඳහා ආර්ථිකමය ලෙස සන්නද්ධ කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා.

     

    පසුගිය රජය ගුවන් යානා නෝන ගුවන්තොටුපලක් හැදුවා.නැව් නෝන වරායවල් ඇති කළා.අපි මින් මිදිලා, අනුගමනය කරන්න යනවා, හම්බන්තොට ප්‍රදේශය තුළ අක්කර දහසක කර්මාන්ත ගම්මානයක් පිහිටුවීමට.

    මේ සියලු දේ තුළින් අපි බලාපොරොත්තු වෙනවා,හම්බන්තොට වරාය, ගුවන් තොටුපල,අපගේ සංවර්ධන කාර්යයන් සඳහා දායක කර ගැනීමට.වරායේ කටයුතු වැඩිදියුණු කරගන්නවා.අපි මුහුණ දී තිබෙන අයහපත් ආකාරයේ ණය බරින් මිදීමට අපි කටයුතු කරනවා.සුදු අලින් වගේ ව්‍යාපෘති යහපත් තත්ත්වයට ගොඩනැගීම සඳහා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවායැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya