මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ වගකීම අපට ලැබුණේ කඩා වැටුණු ආර්ථික පරිසරයක් තුළයි-අමාත්‍ය සජිත් ප්‍රේමදාස

    මාර්තු 24, 2016

    රටේ වගකීම අපට ලැබුණේ කඩා වැටුණු ආර්ථික පරිසරයක් තුළයි. පාලකයන්ගේ සුබසිද්ධිය උදෙසා පසුගිය කාලයේ රටේ ආර්ථිකය මෙහෙය වීම සිදු කළා යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (24)පර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

     

    රටේ වගකීම අපට ලැබුණේ කඩා වැටුණු ආර්ථික පරිසරයක් තුළයි. පාලකයන්ගේ සුබසිද්ධිය උදෙසා පසුගිය කාලයේ රටේ ආර්ථිකය මෙහෙය වීම සිදු කළා. පසුගිය කාලයේ ක්‍රියාකාරකම්වල බිල ගෙවීමට සිදුව තිබෙන්නේ අපේ ආණ්ඩුවටයි, ජනතාවටයි, අනාගතයේ බිහිවන දරුවන්ටයි.

     

    පසුගිය ආණ්ඩුව කළ දේ නිසා තමයි ජනතාව මත බදු බර පැටවී තිබෙන්නේ. සාර්ව ආර්ථික කළමනාකරණය සහමුලින්ම අවුල් සහගත තත්තවයක පසුගිය කාලයේ තිබුණා යැයි පැවසූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, ඒවායේ වන්දි ජනතාවට ගෙවීමට සිදුව තිබෙන බවද පෙන්වා දුන්නේ ය.

     

    තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා,

    කිසිදු ටෙන්ඩර් කැඳවීමකින්, මුදල් වෙන් කිරීමකින් තොරව පසුගිය කාලයේ සංවර්ධන කටයුතු කළා.   ඔවුන් නටපු නැටිල්ලේ ප්‍රතිඵල නිසා තමයි දැන් ජනතාව පිටට බදු බර පැටවී තිබෙන්නේ. ඒ කාලයේ පැහැදිලි සැලැස්මකින් තොරව මහා පරිමාණයේ ව්‍යාපෘතිවලට ණය ගත්තා. ගිනි පොලියට කෝටි ප්‍රකෝටි ගණනක් ණය ගත්තා.

     

    රැකියා බිහි කළේ නැහැ. වනාන්තරයක් මැද පැහැදිලි ආර්ථික කළමනාකරණයකින් තොරව ගුවන් තොටුපළ හදා අලි මිනිස් ගැටුම ඇති කළා. බොරුවට කයිවාරු ගැසීම තමයි ඔවුන් කළේ. ගුවන්තොටු පළේ ණය ගෙවන්න අපට සිද්ධ වෙලා තිබෙනවා.එහෙත් ගුවන්යානා නැහැ.

     

    චීන සංචාරයක් කර සියලු ආයෝජන ආධාර ලබාදෙන මේ අසාර්ථක ව්‍යාපෘති සාර්ථක ව්‍යාපෘති බවට අප පත් කරනවා.පසුගිය කාලයේ ජනතාවට සවන් දුන්නේ නැහැ. කතා කරන්න ඉඩ දුන්නේ නැහැ. අවුරුදු දෙකකටකලින් ජනාධිපතිවරණයක් ගෙනැවිත් ඉල්ලන් කෑවා. ජනතාවට සවන් දෙන්න යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya