මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ආයෝජකයෝ ගෙනැවිත් අලුත් කර්මාන්ත ඇති කළ යුතුයි

    මාර්තු 24, 2016

    විදේශ ආයෝජකයෝ ගෙනැවිත් අලුත් කර්මාන්ත ඇති කළ යුතු බවත් පාරිභෝජකයා සහ ගොවියා රැකගන්න ක්‍රමයකට යා යුතු බවත් විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.


    අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

     

    රටේ ආර්ථිකයේ මූලික ස්වරූපය සාකච්ඡා කරන්න ඕන. සෑබෑ ආර්ථිකයට බලපාන ප්‍රශ්න තිබෙනවා. අපේ ආර්ථිකයේ ඒ ස්වරූපය ගැන. දැන් තිබෙන කාලාපීය ආර්ථිකය තුළ හොඳම ප්‍රවණතාව තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ඒක සුබදායක විනිශ්චයක්.

     

    2015 වර්ෂයේ ආර්ථික ක්‍රියාවලිය කොහොමද? දළ ජ.නිෂ 4.8%කින් වර්ධනය වුණේ.කෘෂිකර්ම,කර්මාන්ත හා සේවා වල වර්ධනයක් පෙනෙන්නට තිබෙනවා. සුවිශේෂී වර්ධනයක් 2015 වර්ෂයේ තිබෙනවා. වී ගොවිතැන දියුණු වුණා. තේ හා රබර්වල පසුබෑමක් සිදු වුණා. 

     

    ආර්ථිකය මූලික වශයෙන් බලපාන හොඳ වර්ධනයක් තිබෙනවා.ගොවිතැන මේ රටේ  ස්වයංපෝෂණය වන තත්ත්වයට ඇවිත් තිබෙනවා. මිලියන මෙ.ටොන් 3.3ක් 2015 හාල් නිෂ්පාදනය කළා. මාස 17කට සරිලන නිෂ්පාදනයක්. ස්වයංපෝෂණයෙන් ඉදිරියට යන්න පක්ෂ භේදයෙන් තොරව බලන්න ඕන. මේ අතිරික්තය ගොවියෝ ලබාගත් ජයග්‍රහනයක්.

     

    අමුඩ ගහගෙන පෙළපාලී ගියාට පොහොර දාන්න බෑනේ.අපේ ගොවිතැනේ ප්‍රශ්නයක් තමයි අතරමැදියෝ තමයි සල්ලි හම්බකරන්නේ.පාරිභෝජකයා, ගොවියා රැකගන්න ක්‍රමයකට යන්න ඕන.කිසිම භාණ්ඩයක් අලෙවිකරන්න බෑ, එහි නිෂ්පාදන වියදම බලන්නේ නැතිව. නිෂ්පාදන වියදම වැදගත්.


    ගොවියට සල්ලි දෙනවා. ඇත්ත කතා කරන්න.මේ රටේ පොහොරවලට සල්ලි ගෙවන්නේ බදුවලින් ලබන මුදලින්.මහජන මුදලින් සහනාධාර ලබාදීලා,හැම රජයක්ම වියදම් කළ ගානට නොවේ, පොහොර දීලා තියෙන්නේ.  ණය ගැන කාරණාවක් කියන්නම්. අපේ ණය කොටස් දෙකයි. එකක් රාජ්‍ය ණය.විශාල වශයෙන් බැංකුවලින් ණය අරගෙන. අපි විදේශ ආයෝජකයෝ ගෙනැල්ල,අලුත් කර්මාන්ත ඇති කරන්න ඕන යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya