මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශක්තිමත් ආර්ථියක් ඇති කරන්නට එකතු වී කටයුතු කළ යුතු යුතුයි

    මාර්තු 23, 2016

    පසුගිය රජය ගත් ණය උගුලෙන් බේරීමට රජය නව වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ශක්තිමත් ආර්ථියක් ඇති කරන්නට එකතු වී කටයුතු කළ යුතු යැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසී ය.


    බදු කිහිපයක් සංශෝධනය කරමින් මෙම සභාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැත් වූ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව අද (23) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

     

    තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා, මේ ණය උගුලෙන් බේරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.ඛනිජ තෙල් සංස්ථාව වරාය  ශ්‍රී ලන්කන්, ලංගම සහ වෙනත් ආයතන සඳහා අපි ණය ගෙන තිබෙනවා.අපි විපක්ෂයේ සිටියදී වැඩි පොලියට ණය ගෙන අසාර්ථක ව්‍යාපෘති කිරිමෙන් රට අසීරුවට පත් වෙන බව කීවාත් ගුවන්තොටුපල වරාය විදුලි බලාගාරවලට වැඩි පොලියට ණය ගෙන ගෙවා ගැනීමට නොහැකි වී තිබෙනවා. 

     

    වසර දෙකකට කලින් ජානධිපතිවරණයට ගියේ යම් අර්බුදයක් තිබෙන බව පෙනුණු නිසයි. මහ බැංකුවත් මෙය දැනගෙන සිටියා. පැහැදිලි වැඩපිළිවෙළක් තුළින් ණය ගෙවීමට අපි කටයුතු කරනවා. මේ සම්පත් සමස්ත ජනාතව තුළ ඒකකාරීව බෙදී දීමේ මහා වගකීම විවෘත ආර්ථීකය තුළින් 1978 එජාප රජය ක්‍රියා කළා.එදා ආරම්භ කළ ඇඟලුම් කර්මාන්ත අදත් ඉදිරියට යමින් තිබෙනවා.

     

    අපේ යටිතල පහසුකම් තකන්නේ නැතිව ව්‍යාප්ත කරන්න ගිහින් අපි ණය උගුලකට වැටී තිබෙනවා.මේ වසර 10 තුළ ගෝළීය ආර්ථිකයෙන් ඈත් වීමේ වැඩපිළීවළක් තමයි සිදු කර තිබෙන්නේ.අපේ මිතුරු රටවල් සමග අපි තරහ වුණා. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මස්සිනට දීලා පාඩු ලැබුවා.අතීත පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යන්නට කටයුතු කළ යුතුයි. විදුලි බල මණ්ඩලය ශ්‍රී ලන්කන් ගුවන් සේවය වරාය කාර්යක්ෂම  කරන්නේ කියලා පුළුල්ව සොයා බැලිය යුතුයි.සියලු සැළසුම් සම්බන්ධ  පාර්ලිමේන්තුව දැනුවත් කරන බව අගමතිතුමා කිව්වා.තෙල් මිල අඩු කරන්න කියලා ධිවර ජනතාව පෙළපාළි යද්දී වෙඩි තබා මරා දැම්මා. අපි ඇවිත් ඒ සහන ජනතාවට ලබා දුන්නා.ශක්තිමත් ආර්ථියක් ඇති කරන්න අපි එකතු වී කටයුතු කළ යුතු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya