මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිබල ප්‍රශ්නය කෙටි කාලීනව හා දීර්ග කාලීනව විසඳන්නට සියලු පියවර ආණ්ඩුව ගන්නවා

    මාර්තු 23, 2016

    අපිට රට අඳුරේ තියන්න වුවමනාවක් නෑ.විදුලි බල ප්‍රශ්නය කෙටි කාලීනව හා දීර්ග කාලීනව විසඳන්නට සියලු පියවර ආණ්ඩුව ගන්නවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවෙ දී මේ බව ප්‍රකාශ කළේ,විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ අග්‍රාමාත්‍යවරයා විසින් පසුගිය දා රටේ ආර්ථිකය පිළිබඳව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ යෝජනාවට අඳහස් දක්වමිනි.

     

    අපි කිසිවිටෙක ජනතාවට පටි තදකරගන්න කිව්වේ නෑ.අපි විශ්‍රාමිකයන්ට රුපියල් දහසක් වැඩි කළා.රජයේ සේවකයන්ගේ පඩි වැඩි කළා.පුද්ගලික අංශයේ පඩි වැඩි කළා.පාරිබෝගිකයන් අතට යළි මුදල් ලබාදුන්නා.සමස්ත ඉල්ලීම අපි කඩා වැටීමට ඉඩ දෙන්නේ නෑ.

     

    මේ ප්‍රකාශය මා පාර්ලිමේන්තුවට කළේ,අපේ ව්‍යවස්ථාවේ 148 යටතේ,රාජ්‍ය මූල්‍ය බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.මෙය හිගාක් කල් අපි ක්‍රියාත්මක කළේ නෑ.

     

    ගෝලීය ආර්ථිකයේ තිබෙන ප්‍රශ්න නිසා විටින් විට සිදුව තිබෙනවා,අයවැය සංශෝධනය කරන්න.බිතාන්‍යයේ මුදල් අමාත්‍යතුමාට ගිය සතියේ අයවැය සංශෝධය කරන්න සිදුවෙලා, එක් අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වුණා.හැම රටේම තමන්ගේ අයවැය සංශෝධනය කර තිබෙනවා. හෙට ගෝලීය තත්ත්වයේ කුමක් ද සිදු වෙන්නේ කියලා කියන්න බෑ.

    අද පවතින ගෝලීය ආර්ථිකය අනුව,විටින් විට පාර්ලිමේන්තුවට දැනුම් දීලා,යෝජනා සංශෝධනය කරන්න සිදු වෙනවා.එයට කල් ගියොත් ජනතාවට පටි තද කරගන්න කියන්න සිදු වෙනවා.


    ගෝලීය වශයෙන් තිබෙන ආරක්ෂිත තත්ත්වයේ දියුණු වීමක් දක්නට නෑ.යේමනයේ තත්ත්වය විසදී නෑ.ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය වැඩි වෙනවා මිස අඩු වීමක් පෙනෙන්නට නෑ.මැදපෙරදිග කඩාවැටීමක් සිදු වුණොත් එයත් අපිට බලපානවා.මේවා දැනගෙන අපි ඉදිරියට යන්න ඕන.

     

    ඊළඟ සති හයේ දී අපිට තීරණයක් ගන්න වෙයි ශ්‍රී ලංකා ගුවන් සේවයේ ණය ගැන කුමක් ද කරන්නේ කියලා.ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් මේ ණය ආපසු ගෙවන්න බැරි වෙනවා.ගත යුතු පියවර අපි සභාවට දන්වන්නම්.

     

    අපේ විදේශ විනිමය ගැන ප්‍රශ්න ගණනාවක් ඇති වී තිබෙනවා.දැනට අපිට ඒ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන්.අපිට තිබෙන විශාලම ප්‍රශ්නය ආදායම එකතු කරන්න බැරි වීම.මේ නීති වෙනස් කරගන්න  වෙයි.


    විදුලිබලය කඩාවැටීමේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ සම්පූර්ණ විදුලිබලය ක්‍රියාත්මක වුණේ නෑ.ඕනෑම කොටස් වෙළෙඳ පොලක යන්ත්‍ර තිබෙන්න ඕන ක්‍රියාත්මක කරන්න.

     

    අද අපෙන් අහනවා, කොටස් වෙළෙඳපොළේ විශ්වාය කොහොමද තියන්නේ,තමන්ගේ අභ්‍යන්තර යන්ත්‍ර ක්‍රියාත්මක කරනනන් බැරි නම්.මම අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා,කොටස් වෙළෙඳපොළ කැදවා ඒ ගැන විභාග කරන්න කියලා.ඒ අයම ගත් පියවරක් නිසා වෙළෙඳපොලේ ජාත්න්‍යත්‍ර විශ්වාසය අඩු වී තිබෙනවා.අපි කළ යෝජනා තවම ක්‍රියාත්මක වෙලත් නෑ.

     

    බදු එකතු කිරීම ගැන, අපේ බදු යෝජනා ගැන,අපි තව සාකච්ඡා කරමු.සමහරක් අප්‍රේල් මාසයේ ක්‍රියාත්මක කරන්නම්, අනෙක් ඒවා සැප්තැම්බර් මාසයේ ක්‍රියාත්මක කරන්නම්.ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන සමඟ මේ ගැනයි මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ.

     

    අද පුද්ගලික අංශයේ ණය ලබාගැනීම තුන් ගුණයකින් පමණ වැඩි වී තිබෙනවා.රටේ ආර්ථිකය දියුණු වෙනවා. අපිට තවත් ප්‍රශ්න තිබෙනවා.

    විදුලි බල ඉල්ලුම පසුගිය වසරේ 6.5%කින් වැඩි වී තිබෙනවා.අපිට තිබෙන විශාල තර්ජනයක් තමයි විදුලිබලය කඩාවැටීම.ඒක ආර්ථික වර්ධනයට හානියක් වී තිබෙනවා.මේ රටේ විදුලිබලය කඩාවැටීමක් නොවන ලෙස අවශ්‍ය පියවර අරගන්නවා.සමහර සැලැස්මවල් අපි බලාපොරොත්තු වූ ලෙස ක්‍රියාත්මක වී නෑ.

     

    අද අර්බුද දෙකක් තිබෙනවා.එකක් විදුලිබල අර්බුදය. අනෙක මහවැලි ජලාශවලින් විදුලි බලය ලබාගන්න ගියොත් ගොවිතැනට වුවමනා ජලය ලැබෙන්නේ නෑ.ජනතාව විදුලිය කඩාවැටීම ගැන ප්‍රශ්න අහනවා.ජනතාව බලාගෙන සිටින්නේ මෙයට විසඳුමක් ලබාදෙන දිහා.

     

    අපිට රට අඳුරේ තියන්න වුවමනාවක් නෑ.අපිට විදුලි බල අර්බුද දෙකකට මුහුණ දීමට තිබෙනවා.2018 දී මෙලෙස ගියෝත් විදුලි බලයේ ගැටළුවකට මුහුණ දෙන්න වෙනවා.2018-19 වනවිට විදුලිබල අතිරික්ත්තයක් තබා ගන්නත් ක්‍රියාත්මක වෙන්න තිබෙනවා.

    2002 දී මේ අභියෝගය තිබුණා.එයට මුහුණ දුන්නා. අපිට හැකි වුණා ඉදිරියට එන්න.මේ විදුලි බල ප්‍රශ්නය කෙටි කාලීනව හා දීර්ග කාලීනව විසඳන්නට සියලු පියවර ආණ්ඩුව ගන්නවා.සියලු පාර්ශව සමඟ සාකච්ඡා කරනවා.අපි වගකියන්නේ පාර්ලිමේන්තුවට හා ජනතාවටයි.හැමෝම එකට වැඩකරන්න කියලා, ඉල්ලන්න කැමැතියි.

     

    ආයෝජකයින් ගෙන ඒමට තිබෙනවා. පියවර ගණනාවක් ගන්නට තිබෙනවා.ප්‍රශ්න තිබෙන්න පුළුවන් .අපි ප්‍රශ්නවලට මුහුණ දීලා ඉදිරියට යන්න අවශ්‍යයි.ප්‍රධාන පක්ෂ දෙකක් එකතු වී පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා.සියලු දෙනාම එකතුකරගෙන එකතු කරගෙන වැඩකරන්න ඕන.ආණ්ඩුව මොකක්ද කරන්නේ කියලා අපි කියනවා.වහන්න යන්නේ නෑ. අවුරුද්දකින් දෙකකින් ජනතාවට විශාල සහනයක් ලැබෙනවා.උතුරේ ජනතාවගේ ප්‍රශ්න තිබෙනවා.  ජනතව ජීවත් කරවන්න,අපිට ආධාර උපකාර කරන්න සිදුව තිබෙනවා.

    ඉදිරි වැඩසටහන් අඩුවෙන්නෙත් නෑ.තරුණ තරුණියන්ට රැකියා ලබාදෙන වැඩසටහන කරන්න තිබෙනවා.ගම්මානවලට අලුතින් මුදල් දෙන වැඩසටහන තිබෙනව. ගම් මට්ටමින් සංවර්ධනයත් තිබෙනවා.ජාතික මට්ටමේ සංවර්ධනයත් විශාල ලෙස ඉදිරියට ගෙන යන්නයි බලාපොරොත්තු වන්නේ යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya