මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕනෑම වේලාවක ශිෂ්‍යයන් සමඟ සාකච්ඡා කරන්න සූදානම්

    මාර්තු 23, 2016

    අද ශිෂ්‍යන්ට ප්‍රශ්න නෑ.නමුත් අපි සූදානම් ඕනෑම වේලාවක ශිෂ්‍යයන් සමඟ සාකච්ඡා කරන්න. ශිෂ්‍යන්ට පහරදීම අපි අනුමත කරන්නේ නෑ යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ස්ථාවර නියෝග 23(2) යටතේ යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

     

    විශ්වවිද්‍යාල වලට සිසුල් ඇතුළත් කිරීමේ දී ඇතිව තිබෙන ගැටළු, සිසුන්ට පොලීසිය විසින් පහරදීම, ආදී විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු පිළිබඳව මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අමාත්‍යවරයාගේ අවධනයට යොමු කළේ ය.


    සයිටම් එක ඔබතුමාලගේ රජය කාලේ පටන්ගත්ත එකක්. ඔබතුමාත් ඒ කලේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට හිටියා. ඔබ තුමාලා සයිටම් එකට අත ඉස්සුවා. මේ පනත ගේනකොට පාර්ලිමේන්තුවේ අපිත් හිටියා. මට මතකයි මම එස්.බී. දිසානායක ඇමතිතුමාගෙන් ඇහුවා ඔබතුමා වෛද්‍ය  විද්‍යාලයක් පටන් ගන්නවා ඉස්පිරිතාලයක් නැතුව කියලා. හැබැයි තමුන්නසේලගේ බලය පාවිච්චි කරලා ඒක සම්මත කරලා, මොනවා වුනත් ශිෂ්‍යයෝ අරන් තිබෙනව.  

     

    ඔබතුමා කියන්නේ ඒ ශිෂ්‍යයෝ අතරමං කරන්න කියලද? ගිය ආණ්ඩුව කාලේ මේක පටන් ගත්තේ අපි පටන්ගත්ත එකක් නෙවෙයි. මිලියන 600ක ණයක් දුන්නා ආණ්ඩුවෙන්. දැන් මේ ශිෂ්‍යයෝ ඉන්නවා, දෙමව්පියෝ එනවා අපිව හම්බ වෙන්න. මම ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරන්නේ අපි දෙගොල්ලම එකතුවෙලා, යම්කිසි විදියකට ‍මෙම ආයතනයට නීත්‍යානුකූල භාවයක් ලබාදී මේක අවසන් කරමු. එකට ඔබතුමන්ලාගේ සහයෝගය දෙන්න. දැන් ඔබතුමා ඇහුවා මේ ළමයින්ට පුහුණුවට ඇයි රජයේ රෝහලක් දුන්නේ කියලා. ඔබතුමා එකට විරුද්ධද?  කතානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුවයි මේ ළමයින්ට රජයේ රෝහලක් දෙන්න කියලා.


    මේ ගොල්ලන්ගේ විසඳූම මොකක්ද?  මේක වහල දාන්න කියන එක. මෙතුමා ජී.එම්.ඕ. එක ගැන කිව්වා. මෙතුමා වෛධ්‍යසභාව ගැන කිව්වා. ඔබතුමා කියන්නේ මේක රජයට ගන්න කියලද? අපි ඒක ගැන සලකා බලන්නම්. ඔබතුමා කියනවා නම් රජයට ගන්න එක  කියලා හොඳයි කියලා අපි ඒක සලකා බලන්නම්. දැන් මේ පෞද්ගලික වෛද්‍ය විධ්‍යාලවල පටන්ගන්න එක ගැන ජී.එම්.ඕ එක,වෛද්‍ය  සභාව යම් යම් මත ඒ ගොල්ලෝ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. හැබැයි කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ වෛද්‍ය විද්‍යාලයක් පටන්ගනිද්දී ඒක පය 24 න් කොහොමද සම්මත කෙරුවේ? හිටපු ආරක්ෂක ලේකම් ඇවිල්ලා ඔලුවට තුවක්කුව තිබ්බම  වෛද්‍ය සභාව ඒක අනුමත කළා. ශිෂ්‍යයින් පෙළපාලි යනවා. ඒවාට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වෙන්නේ නෑ. ඒක පොලිසියේ රාජකාරිය. පොලිසියේ වගකීමක්.

     

    අනිත් ඒක අද අපි ශිෂ්‍යයන්ගේ දීමනා වැඩි කරලා තියෙනවා, බසරි වැඩි කරලා තියෙනවා. මේ අවුරුද්දේ නේවාසිකාගාර 16ක් හදන්න ගරු අගමැතිතුමා මුදල් වෙන් කරලා තියෙනවා. තාක්ෂණික පීඨ 5ක් ඇති කරනවා. අපි ශිෂ්ය්යෝ 2000ක් ගන්නවා. ඇත්ත වශයෙන්ම අද ශිෂ්‍යන්ට ප්‍රශ්න නෑ. . නමුත් අපි සූදානම් ඕනෙම වෙලාවක ශිෂ්‍යයන් එක්ක සාකච්ඡා කරන්න. ශිෂ්‍යන්ට පහරදීම අපි අනුමත කරන්නේ නෑ. අපි එකට සම්බන්ධ නෑ. නමුත් පොලිසිය ඒ වෙලාවේ හැටියට ආව පෙළපාලිය ගැන යම් පියවරක් ගත්තා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya