මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යල්පැනගිය කළමනාකරණ ක්‍රමවේදයන් විදුලි ජනන ගැටළු විසඳීමට අභියෝගයක්- ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ අදහසක් නෑ

    මාර්තු 23, 2016

    ලංකා විදුලි බල මණ්ඩලය හෝ එහි කොටසක් පෞද්ගලීකරණය කිරීමේ අදහසක් හෝ ඊට පෙර සූදානමක් නොමැති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ අද පවතින සමහර යල්පැනගිය කළමනාකරණ ක්‍රමවේදයන් වර්තමානයේ උද්ගත වී ඇති විදුලි ජනන ගැටළු විසඳීම සඳහා ප්‍රමාණවත් නොවීම තවත් අභියෝගයක් බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹ්ලාපිටිය මහතා පවසයි.

    මෙම අවස්ථාවන් කළමනාකරණය සඳහා ක්ෂණික පියවරක් ලෙස ''හදිසි අවස්ථා කළමනාකරණ කමිටුව'' තරුණ දක්ෂ නිලධාරීන්ගෙන් සමන්විතව පිහිටුවන ලද අතර පද්ධති පාලනය සම්බන්ධව සුවිශේෂී නිලධාරීන් ඇතුළත් කළ බවත් සියලු නඩත්තු කටයුතු සැලසුම් කිරීම සහ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සොයාබැලීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කළ බවත් අමාත්‍යවරයා පැවසී ය.

     

    විදුලි බල ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවට අද (23) විශේෂ ප්‍රකාශයක් කරමින් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසී ය.

     

    විදුලි බලය මහජනතවට අත්‍යාවශ්‍ය සාධකයක් වී ඇත.සමස්ත ශ්‍රී ලංකාවට ම විදුලිය ලබාදීමට හැකි වීම සැබැවින් ම වාසනාවන්ත තත්ත්වයකි.එහි ගෞරවය ලංවීම සේවක මණ්ඩලයට කැපවූ රාජ්‍ය සේවකයන්ට ස්තූතිය පිරිනමනවා.

     

    සමස්ත විදුලි ජනනයෙන් මෙගා වෝට් 1357ක් ජල විදුලි බලාගාර මගින්ද මෙගා වොට් 900ක් ගල් අඟුරු මගින් ද මෙගා වොට් 544ක ධාරිතාවක් තාප බලාගාර මගින් ද මෙගා වොට් 574ක් පෞද්ගලික තාප බලාගාර මගින් ද මෙගා වොට් 544ක ධාරිතාවක් පුනර්ජනනීය බලශක්ති බලාගර මගින්ද ලබාගනී.


     ටේ දෛනික උපරිම විදුලි ඉල්ලුම දැනට වාර්තා වී ඇති පරිදි මෙගා වොට් 2350ක් පමණ වෙයි.අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය හා අග්‍රාමාත්‍යතුමගේ මඟපෙන්වීම මත මේ රටේ දුප්පත් පෝසත් භේදයකින් තොරව සියලු පුරවැසියන්ට විදුලිය ලබාදීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් මාගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යතුමා හා ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම රජයේ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව මෙම විදුලිය නොමැති ලක්ෂ තුනකට අධික ජනතවට විදුලිය ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙලක් ම විසින් '' ජාතික විදුලි සත්කාරය'' නමින් ක්‍රියාත්මක කරන ලදී.


    දැනට විදුලිය බිඳවැටීමේ සිදුවීම් පිළිබඳ අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද කමිටුවත්,විදුලිබල අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවත්,විදුලිබල මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවත් සහ අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කළ මාගේ සභාපතීත්වයෙන් යුත්කමිටුවද අධ්‍යයනය කරමින් සිටියි.මෙම වාර්ත වලට අනුව කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් දිවයිනේ විදුලිය අඛණ්ඩව සැපයීම සඳහා අවශ්‍ය ක්‍රියාමර්ග ගැනීමට අමාත්‍යාංශය සැළසුම් සකස් කොට ඇත.

     

    රටේ එදිනෙදා ජන ජීවිතයට මෙන් ම ආර්ථික වර්ධනයට සෘජුවම බලපාන ප්‍රධානතම යටිතල පහසුකම වූ විදුලි බලය ශ්‍රී ලාංකීය සමස්ත පාරිබෝගික ජනතාවට අඛණ්ඩව,කාර්යක්ෂමව පහසුවෙන් ලබාදීමේ අරමුණු පෙරදැරිව සකස් වූ බව සඳහන් කළ යුතුය.

    එහි ප්‍රධානතම සාධකය ලංකා විදුලි බල මණ්ඩලය වඩාත් ශක්තිමත් හ කාර්යක්ෂම කිරීමයි. වෙනත් කිසිදු සැඟවුණු න්‍යාය පත්‍රයක් එහි නැත. විදුලිබල මණ්ඩලය හෝ එහි කොටසක් පෞද්ගලීකරණය කිරීමේ අඳහසක් හෝ ඊට පෙර සූදානමක් මේ තුළ නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කළ යුතුව ඇත.

     

    පසුගිය මාස 06 ඇතුළත අපට මුහුණ දීමට සිදු වූ දිවයින පුරා විදුලිය බිඳවැටීම් තුනක් නිසා විදුලිබල ක්ෂේත්‍රය පිළිබඳව දැඩි කතාබහක් ලක් විය.

     

    මහජන උපයෝගිතා ජොමිසම මගින් විදුලිය බිඳ වැටීම සම්බන්ධව කැනඩවේ මනිටෝබා එච්.වී.ඩී.සී. පර්යේෂණ මධ්‍යස්ථනය මඟින් අධ්‍යයනයක් කර ඇති අතර එම වාර්තාව මඟින් Reactive විදුලිබලය නිෂ්පාදනය සහ ට්‍රාන්ස්ෆෝමර් ක්‍රියාකාරීත්වය පිළිබඳ නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇත.එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya