මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විමුක්තිදායක ප්‍රේමය තුළ ජීවත්වීමට අදිටන් කරගනිමු

    මාර්තු 25, 2016

    ජාති, ආගම්, කුල, පක්ෂ, පන්ති ලෙසින් පිල් බෙදී ඇණ කොටා ගැනීම වෙනුවට ක්‍රිස්තුන් වහන්සේ පෙන්වා දුන් විමුක්තිදායක ප්‍රේමය තුළ ජීවත් වන්නට අදිටන් කරගනි යැයි පාස්කු මංගල්‍යය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එම පණිවුඩය සම්පූර්ණයෙන් පහත සඳහන් පරිදි වේ.

    “ලොව පුරා ක්‍රිස්තියානි ජනතාව සමරන ආගමික උත්සව අතර සුවිශේෂතම උත්සවය පාස්කුවයි. සමාජ සාධාරණය, මනුෂ්‍යත්වය, ප්‍රේමය වෙනුවෙන් තම ජීවිතයම කැප කළ ක්‍රිස්තුන් වහන්සේ මරණයට පත් කරනු ලැබූවද, මරණයෙන් නැගිටිමින් ලොවට ගෙන ආ විමුක්තිදායක පණිවිඩය පාස්කුව තුළ නැවත නැවත සිහිපත් කරනු ලබයි.


    පුරා දින හතළිහක් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම පසුතැවිලි සිතින්, යාච්ඤාවෙන්, ආගමික පිළිවෙත් මඟින් සහ පුණ්‍ය ක්‍රියා තුළින් සමරන ක්‍රිස්තියානි ජනතාව මහ සිකුරාදා දින උන්වහන්සේ කුරුසයෙහි ඇණ ගසා මරණයට පත් කිරීම ද, පාස්කු ඉරිදා දින නැවත මරණයෙන් උත්ථානය වීම ද ස්මරණය කරති.

     
    දුගියන්ට, රෝගීන්ට, පව්කාරයන්ට, අසරණවූවන්ට, නොදරුවන්ට, මේ සැමට එක සේ ප්‍රේම කළාවූ ක්‍රිස්තුන් වහන්සේ සමස්ත ජීවිතයෙන්ම පෙන්නුම් කළේ මානව ප්‍රේමය, සමානාත්මතාව, සංහි¼දියාව තරම් උත්තරීතර අන් යමක් මෙලොව පැවතිය නොහැකි බවය.


    ජාති, ආගම්, කුල, පක්ෂ, පන්ති ලෙසින් පිල් බෙදී ඇණ කොටා ගැනීම වෙනුවට ක්‍රිස්තුන් වහන්සේ පෙන්වා දුන් විමුක්තිදායක ප්‍රේමය තුළ ජීවත් වන්නට අදිටන් කරගනිමු.   
    සහෝදර ක්‍රිස්තියානි ජනතාවටත්, සමස්ත ලක්වැසි ජනතාවටත් අර්ථපූර්ණ පාස්කු මංගල්‍යයක් වේවා.

    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය“

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya