මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාලමක් හැදීමට ශ්‍රී ලංකා ආණ්ඩුව, ඉන්දීය ආණ්ඩුව සමඟ කිසිම සාකච්ඡාවක් සිදු කර නෑ- අගමැති

    මාර්තු 23, 2016

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කර පාලමක් හැදීමට ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දීය ආණ්ඩුව සමඟ කිසිම සාකච්ඡාවක් සිදු කර නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක් ඉදිකිරීම පිළිබඳව ඉන්දියානු මර්ග ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය නිතින් ගඩ්කාරි මහතා විසින් ඉන්දීය ලෝක් සභාවට දැනුම් දුන් බවට, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා විමසූ පැනයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව  පැවසීය.

     


    ලෝක් සභාවේ හැන්සාර්ඩ් වාර්තාව ඉංග්‍රීසි භාෂාවෙන් ලැබිලා නෑ.හින්දි භාෂාවෙන් තිබෙනවා කියලා දැනුම් දී තිබෙනවා. මම එකක් කියන්න කැමැතියි,ගඩ්කාරී ඇමැතිතුමාට විශාල උනන්දුවක් තිබෙනවා,පාලමක් හදන්න කියලා,ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දීය ආණ්ඩුව සමඟ කිසිම සාකච්ඡාවක් සිදු කර නෑ.

     

    හින්දි භාෂාව දන්නවානම් එය පරිවර්ථනය කරන්න.මෙතෙනට ඇවිත් ජාතිවාදයක් කරනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය, මංගල සමරවීර අමාත්‍යතුමා හදාගෙන යන්නේ.ඒකාබද්ධ විපක්ෂය මලයාලම් ගුරුකම් ගැන නම් දන්නවා.සීනිගම දේවාලයේ පොල් ගහන අයට දෙන පිළිතුර මෙය තමයි යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya