මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රබර් මිල කඩාවැටීමට හේතුව රජයේ අඩුපාඩුවක් නිසා සිදු වූවක් නොවෙයි

    මාර්තු 23, 2016

    රබර් මිල කඩාවැටීමට හේතුව රජයේ අඩුපාඩුවක් නිසා සිදු වූවක් නොවන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (23) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    රබර් මිල පහළ වැටීමට හේතුව ලෝක රබර් මිල පහළ වැටීම බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

     

    එමෙන් ම කෙටි කාලීන ආදායම් ඉහළ නැංවීම පිළිබඳව කටයුතු කිරීම සහ අලුත් රබර් වෙළඳ පොළ සොයාගැනීම සඳහා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව වෙනම සැලසුමක් තිබෙනවා. රබර් මිල කඩාවැටීම අපේ රජයේ අඩුපාඩුවක් නිසා නොවේ,ලෝක වෙළඳපොළේ රබර් මිල කඩාවැටීම නිසයි මෙය සිදු වුණේ''යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya