මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිණි කිරුළ ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

    මාර්තු 23, 2016

    සමස්ත ලංකා මැණික් ව්‍යාපාරිකයින් සහ පතල්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද රත්නපුර දිස්ති‍්‍රක්කයේ විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් සිය දෙනෙකුට මිණි කිරුළ ශිෂ්‍යයත්ව ප‍්‍රදානය කිරිමේ වැඩසටහන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ රත්නපුර නව නගර පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මෙම අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිතුමා ඉතා හරසරින් පිළිගැණුනු අතර ශිෂ්‍යත්ව ප‍්‍රදානය සංකේතවත් කරමින් සිසුන් 15 දෙනෙකුට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ඇමතිනි තලතා අතුකෝරළ, සබරගමුව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද යන මහත්ම මහත්මීන් ද සමස්ත ලංකා මැණික් ව්‍යාපාරිකයින්ගේ සහ පතල්කරුවන්ගේ සංගමයේ සභාපති සරත් ආනන්ද මහතා ඇතුළු සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya