මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විහාරස්ථාන වැඩිදියුණුවට විශේෂ අරමුදලක්

    මාර්තු 23, 2016

    දිවයින පුරා පවතින අඩු පහසුකම් සහිත විහාරස්ථාන වැඩිදියුණු කිරීම සඳහා විශේෂ ජාතික බෞද්ධ අරමුදලක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සංචාරය කිරීමේදී මහා සංඝරත්නය විසින් සිදුකරන ලද ඉල්ලීම් සළකා මෙම පියවර ගන්නා බවත්, ඉදිරියේදී එම අරමුදල ප‍්‍රකාශයට පත් කරන අතර එය ශක්තිමත් කිරීමට මෙරට පරිත්‍යාගශිලී ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රජාවගේ ද සහාය ලබා ගන්නා බවත් ජනාධිපතිතුමා පැවසීය.

     

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ රත්නපුර, හිදැල්ලන, වීරගොඩ ශී‍්‍ර මහා විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුණු ශී‍්‍ර ශාක්‍යසිංහ සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ (22) පස්වරුවේ එක්වෙමිනි.

     

    ඓතිහාසික වටිනාකම් රැසකින් සමන්විත රත්නපුර, හිදැල්ලන වීරගොඩ ශී‍්‍ර මහා විහාරය වෙත අද පස්වරුවේ ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

     

    අනතුරුව අභිනව සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට එක් විය.

     

    විහාරාධිපති, සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ සබරගමු පළාතේ ප‍්‍රධාන සංඝනායක ජ්‍යෙෂ්ඨ කර්මවගාචාර්ය, අධ්‍යාපනපති, හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අමුතාගොඩ ඉන්දරතන නායක හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් පරිත්‍යාගශීලී ව්‍යාපාරික ප‍්‍රජාවගේ සහ ප‍්‍රදේශවාසී බොදුණුවන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකර තිබෙන මෙම සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ අඩි 84 ක් උසින් යුතුය.

     

    සමාධි ප‍්‍රතිමා වහන්සේ අවට අශෝක ස්ථම්භයන්ට අනුව යමින් කුලුනු ප‍්‍රතිමා 16 ක් නිර්මාණය කර තිබෙන අතර විශාල දිය පොකුණකින් ද සමන්විතය.
    පුණ්‍යෝත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මිනිසා, විශ්වය ජය ගැනීමට සූදානම් වුවද, තාක්ෂණයෙන් ඉහළ දියුණුවක් ලැබුව ද සිය නොසන්සුන් මනස සන්සුන් කර ගැනීම සඳහා බෞද්ධ දර්ශනය කෙරෙහි වඩ වඩා නැඹුරු වෙමින් සිටින බවයි.

     

    නීතියෙන් පමණක් යහපත් සමාජයක් ගොඩනැගිය නොහැකි අතරම අධ්‍යාත්මික ගුණවගාවෙන් යුත් මිනිසුන් සිටින යහපත් සමාජයක් ගොඩනැගීමට ඇති එකම මඟ බෞද්ධ දර්ශනය බවද ජනාධිපතිතුමා පැවසීය.

     

    විහාරාධිපති අමුතාගොඩ ඉන්දරතන නායක හිමිපාණන් වහන්සේගේ සමාජයීය මෙන්ම ශාසනික මෙහෙවර අගයමින් උන්වහන්සේ වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    එමෙන්ම සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිර්මාණය කළ නිර්මාණ ශිල්පියාට මෙන්ම ඒ සඳහා කැපවූ දායක සභාවේ කිහිප දෙනෙකු වෙත සම්මාන තිළිණ ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    කෝට්ටේ ශී‍්‍ර කළ්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, ඇමතිනි තලතා අතුකෝරළ, නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya