මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙල්ජියම් ත්‍රස්ත ප්‍රහාරයට ජනපතිගේ ශෝකය පළ කරයි

    මාර්තු 23, 2016

    නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කරමින් සහ තුවාල කරමින් බ‍්‍රසල්ස්හි ගුවන්තොටුපල ඇතුළු තවත් ස්ථාන කිහිපයකට එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා බෙල්ජියමේ පිලිප් රජතුමාට සහ එරට ජනතාව වෙත සිය බලවත් ශෝකය පළ කර සිටි.

    බෙල්ජියමේ පිලිප් රජු වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ත‍්‍රස්තවාදින් විසින් සිදු කළ මෙම නිවට සහ ම්ලේච්ඡ ප‍්‍රහාරය පිළිබඳ පුවත අසා තමා ඉතා කම්පාවට පත් වූ බවත් පුද්ගලිකවත්, ශී‍්‍ර ලාංකීය ජනතාව වෙනුවෙනුත් බෙල්ජියම් රජය සහ ජනතාව වෙත සිය බලවත් ශෝකය පළ කරන බවත්ය.

    මෙවැනි ම්ලේච්ඡ ප‍්‍රහාරයන් සමස්ත ලෝක වාසී ජනතාව විසින්ම හෙළා දකිනු ඇති බවත්, සියලුම ආකාරයේ ත‍්‍රස්තවාදී ව්‍යාපාරයටන්ට එරෙහිව සාමුහිකව විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය මෙම ප‍්‍රහාරය සමඟ අපට නැවතත් සිහිපත් කර දෙන බවත් ජනාධිපතිතුමා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    දශක තුනක් පුරාවට ම්ලේච්ඡ ත‍්‍රස්තවාදයෙන් බැට කෑ ජාතියක් ලෙස ත‍්‍රස්තවාදයට පිටුදැකීම සඳහා හැකි සෑම සහයක්ම ලබා දීමට සුදානම් බවද සඳහන් කරන ජනාධිපතිතුමා මෙම ප‍්‍රහාරයෙන් මිය ගිය සියලුදෙනා වෙත තම ශෝකය පළ කරන බවත්, තුවාල ලැබූ සිවිල් වැසියන් වෙත ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරන බවද සඳහන් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya