මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරම්පරික ජාතික උරුමයන් ආරක්ෂා කිරීමට පියවර

    මාර්තු 21, 2016

    පාරම්පරික ජන ගී, ජන නැටුම්, ජන කතා, ආහාර වර්ග සහ සිරිත් විරිත් පිළිබඳ ශ්‍රව්‍ය දෘශ්‍ය වාර්තා එක්රැස් කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනේ සියලු දිසාපතිවරුන් වෙත දන්වා තිබේ.


    පසුගිය දා අරලියගහ මන්දිරයේදී පැවති මාසික දිසාපති හමුවේදී වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ මේ පාරම්පරික උරුමයන් අභාවයට යමින් පවතින බැවින් ඒවා සංරක්‍ෂණය කිරීම ජාතික වගකීමක් බවය. මෙහිදී ඒ ඒ දිස්ත්‍රික්කයන්ට සුවිශේෂ වූ පාරම්පරික උරුමයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    මේ කාර්යය සඳහා, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ පූර්ණ සහය ලබා ගත යුතු බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් සහ සංස්කෘතික අධ්‍යක්‍ෂ සමග එක්ව පරිපූර්ණ සැලසුමක් සකස් කොට, එය දිසාපතිවරුන් හා දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරීන් හරහා ක්‍රියාත්මක කරන ලෙසද අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත දන්වා සිටියේය.

    ජන ගී සහ ජන කතා පිළිබඳ දීප ව්‍යාප්ත වාර්තා රැස් කිරීමක් මීට පෙර සිදු කර ඇත්තේ 1940 වසරේ සංනිවේදන අමාත්‍ය ධූරය දැරූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ නියෝගයක් යටතේ ලංකා ගුවන් විදුලිය මගිනි. මහාචාර්ය ජී. පී. මලලසේකර මහතාගේ සභාපතිත්වයෙන් හා එස්. එල්. බී. කපුකොටුව, මුදලිඳු ඊ. ඒ. අබේසේකර, ගුවන් විදුලි අධිකාරී ෂර්ලි ඩා ද සිල්වා යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුතු කමිටුව රට පුරා සංචාරය කරමින් පාරම්පරික ජන ගායනා සහ ජනකතා පටිගත කරන ලදී.


    පසුකාලීනව කෙරුණු බොහෝ නිර්මාණ කාර්යයන් සඳහා මේ එකතුව ප්‍රයෝජනවත් වූ අතර, ඉන් පසු කිසිඳු අවස්ථාවක දීප ව්‍යාප්ත අයුරින් මෙවැනි වාර්තා ගත කිරීමක් සිදු කර නොමැත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya